
ඉහත වට ප්‍රස්තාරයෙන්, දිනකට පැය 18ක් විකාශය වන රූපවාහිනී නාලිකාවක්, එක් එක් වැඩසටහන සඳහා තම විකාශන කාලය වෙන් කර ඇති ආකාරය දැක්වෙයි. මෙම වට ප්‍රස්තාරයෙන් පහත විමසා ඇති තොරතුරු ලබා ගනිමු.
(i) වැඩිම කාලයක් වෙන් කොට ඇත්තේ කුමන වර්ගයේ වැඩසටහන් සඳහා ද?
(ii) අඩුම කාලයක් වෙන් කොට ඇත්තේ කුමන වර්ගයේ වැඩසටහන් සඳහා ද?
(iii)
(a) අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය දක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය කොපමණ ද?
(b) අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය මුළු විකාශන කාලයෙහි භාගයක් ලෙස දක්වන්න.
(c) අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය කොපමණ ද?
(d) අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය සහ විනෝදාත්මක වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය අතර අනුපාතය සරල ම ආකාරයෙන් දක්වන්න.
(iv) ක්‍රීඩා සඳහා වෙන් කර තිබූ කාලය පැය 3ක් නම්,
(a) ක්‍රීඩා දැක්වෙන කේන්ද්‍ර කෝණය කොපමණ ද?
(b) වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැණුන කාලය කොපමණ ද?
පිළිතුරු
(i) වෘත්ත ප්‍රස්තාරයේ විශාලම වෘත්ත ඛණ්ඩයෙන් විනෝදාත්මක වැඩසටහන් සඳහා වෙන් කළ කාලය නිරූපණය කෙරෙයි. එනම් වැඩිම කාලයක් වෙන් කර ඇත්තේ විනෝදාත්මක වැඩසටහන් සඳහායි.
(ii) කුඩාම කේන්ද්‍රික ඛණ්ඩයෙන් දැක්වෙන්නේ වෙළෙඳ දැන්වීම් සඳහා වෙන් කර ඇති කාලයයි. එනම් අවම කාලයක් වෙන් කොට ඇත්තේ වෙළෙඳ දැන්වීම් සඳහායි.
(iii)
(a) 900
(b)

(c)

(d)

(iv) (a)


පහත දැක්වෙන්නේ එක්තරා ප්‍රදේශයක හෙක්ටාර 720 භූමි ප්‍රදේශයක වගා කර ඇති වගාවන් පිළිබඳ තොරතුරු දැක්වෙන වට ප්‍රස්තාරයකි.
වට ප්‍රස්තාරය ඇසුරින් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.

(i) වැඩිම බිම් ප්‍රමාණයක වගා කර ඇති වගාව කුමක් ද?
(ii) අඩුම භූමි ප්‍රමාණයක වගා කර ඇති වගාව කුමක් ද?
(iii) තේ වගා කර ඇති භූමි ප්‍රමාණය කොපමණ ද?
(iv) ක-ුරුදු වගා කර ඇති භූමි ප්‍රමාණය කොපමණ ද?
පිළිතුරු
(i) රබර්
(ii) කුරුඳු
(iii)

(iv)
