අප ගැන

එඩිර ටියුටර් (Edira Tutor) යනු කුමක්ද සහ අපගේ අරමුණු හා ආයතන ව්‍යුහය පිළිබඳ සැකවින් මෙහිදී ඔබට දැනගත හැකි වේ.

අධ්‍යාපනය වූ කලී සැමගේ අයිතියකි. එසේ උවද ආර්ථික, සමාජයීය, සංස්කෘතික ආදී විවිධ බලපෑම් නිසාම එකී අධ්‍යාපනයේ සම අයිතිය තවමත් යථාර්තයක් නොවේ. ලෝකයම තනි යායක් බවට පත් කළ අන්තර්ජාලයත්, නවීන ඩිජිටල් තාක්ෂණයත් එක් අරමුණක් උදෙසා බලගන්වා පෙළ ගැස්වීමයි එඩිර ටියුටර් (Edira Tutor).

කුමක්ද ඒ අරමුණ?

‘අධ්‍යාපනයේ සම අයිතියයි.’

එඩිර ටියුටර් (Edira Tutor) යනු මෙරට කිසිදු අධ්‍යාපන ක්‍රමවේදයකට දෙවෙනි නොවන නවමු ප්‍රවිශ්ඨයයි. එය මාර්ගගත (Online) අධ්‍යාපන ක්‍රමවේදය තුළ ලංකාවේ අඩුම පිරිවැයක් වැය වන යෙදවුමයි. එක් වරක් ඔබ ඒ උදෙසා වැය කරන සුළු මුදල උවද සක්‍රීයව හා ප්‍රායෝගිකව ප්‍රතිපල ලබා දෙනු ඇත. සම්ප්‍රදායික වූත් නීරසවූත් Online ටියුටරියක් වෙනුවට හොඳම විකල්පය මෙයයි. Zoom වේවා YouTube වේවා කවර වේබ් අඩවියක උවද බොහෝ විට සිදු වන්නේ තිරය පුරා අඛණ්ඩව පෙනී සිටින ගුරුවරයා බෝඩ් එකක යමක් ලියමින් ඉගැන්වීම පමණකි. නමුත් මෙහි පාඩම් සැකසී ඇත්තේ එසේ නොවේ. පර්යේෂණාත්මකව තහවුරු කරන ලද නවීන විද්‍යාත්මක සියළු ශ්‍රව්‍ය දෘෂ්‍ය ඉගැන්නුම් ක්‍රමවේදයත්, ප්‍රාමාණික විද්වතුන්ගේ නිරන්තර අධීක්ෂණයත් යටතේ නිසි පරිදි භාවිත කරන්නට අපි සැදී පැහැදී සිටින්නෙමු. සැබවින්ම එය සයිබර් අවකාශයට අළුතින්ම එක්වන හොඳම අනාගත ගුරුවරයා වනු ඇත. අධ්‍යාපනය වසා පැතිර ගිය සියළු වළාවන් දුරු කොට ළමා පරපුරට පායන නව හිරුය එඩිර ටියුටර්.

දෙමාපියනි,

හැමතැනම කොරොනා. දරු පැටව් ඉස්කෝලේ යන්වනෙත් හිතේ දෙගිඩියාවෙන්. Online Class එකත් හරියටම හරියටම හරියන උත්තරය නොවේයි. ඩිංග එහා මෙහා වෙනකොට පොඩ්ඩෝ වෙන වෙන වැඩ. අනිත් එක ගාස්තුව…? ඒක දරන්නත් අමාරුයි. රට ලොක්ඩවුන් කලත් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වෙන්න දෙන්නත් බැ…..

ඔබේ දරුවා 6 – 11 අතර ශ්‍රේණියක ද? එසේනම් මේ ඔබේ දරුවාගේ හොඳම පාසලයි. අදාළ පංතියට අදාළ පාඩම එක් වරක් ලබාගෙන වසරක් පුරාම ඉගෙන ගන්න. පාඩමේ එක් එක් කොටසින් කොටසට දරුවා පාඩම ඉගෙනගන්නවාදැයි ඔබටම පහසු වේලාවක සොයා බලන්නත් පුළුවන්. අවුරුද්දක් තුළ ඔබේ දරුවාට එක විශයක් කරන වියදමෙන් විෂයන් සියල්ලම වඩාත් හොඳින් නිවසේ සිටම උගන්වන්න. තව දෙයක්…

ලෝකය ගොඩක් දියුණුයි. විවිධ පර්යේෂණ වලින් අධ්‍යාපනඥයන් ලෝකයට ඉතාම ආකර්ෂණීය අධ්‍යාපන ක්‍රමවේද හඳුන්වාදී ඇත. අපේ රටේ සිටින විශිෂ්ඨ අධ්‍යාපනවේදීන් පිරිසකගේ නිරන්තර සෘජු අධීක්ෂණයට යටත්ව මේ පාඩම් සියල්ල සැකසී ඇත. ඇත්තටම මේ තමයි හොඳම දේ. ඔබේ දරුවන්ට හොඳම දේ ලබා දෙන්න කැමතිනම් මේ තමයි හොඳම තෑග්ග, එඩිර ටියුටර් (Edira Tutor).

උපදේශක මණ්ඩලය

එඩිර ටියුටර් අප නිරන්තරයෙන් උත්සහ දරන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවාට ලබා දීමටයි. එම උත්සහය සාර්ථක කරගැනීමට අපගේ උපදේශක මණ්ඩලය පෙරමුණ ගනී.

අනුර එදිරිසිංහ මහතා

හිටපු විභාග කොමසාරිස් ජනරාල්

ශ්‍රී ලංකාවේ 17 වන හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් ලත් ඇත්දැකීම්ද විශ්‍රාම දිවිය නිරන්තරව නව අධ්‍යාපන හා විභාග ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනය කරමින් ලබාගන්නා අනාගත දැක්මද සමඟින් එතුමා එඩිර ටියුටර් අනාගතයට ඔබින ලෙස ගමන් කිරීමට උපදෙස් ලබා දේ.

සුදත් ජයසුන්දර මහතා

නීතීඥ

නීති උපාධිධාරියෙකු වශයෙන් වසර 20 කට වැඩි කාලයක් සේවය කරමින් හා ශ්‍රද්ධා ටීවී සහ ලක්විරු රේඩියෝ ආදී නාලිකාවල ගරු සභාපතිවරයා වශයෙන්ද ලබා ඇති ජීවන පන්නරය තුලින් එඩිර ටියුටර් අනාගත අභිලාශයන් ඉටුකර ගැනීමට නිබඳ මඟ පෙන්වයි.

අරුනසිරි ජයලත් මහතා

අධ්‍යාපන උපදේශක

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් මෙන්ම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ද අප රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුල ලබා ඇති අධ්‍යාපන අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් නිරන්තරව එඩිර ටියුටර් දැක්ම පෝෂණය කරයි.