Slide
නවීන අධ්‍යාපන
රහස් Edira Tutor පාඩම්වල ඇතුළත්

විෂය කරුණු රූප හා ප්‍රායෝගික ක්‍රියාවලින් දරුවන්ට දකින්න අහන්න සැලැස්වීමෙන්, මනස තුළ ඒ දර්ශනය, වර්ණ හා නාදය තැන්පත් වනවා.

6 සිට 11 ශ්‍රේණිය දක්වා විෂයමාලාව
ලබාගන්න

6 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01

ඉතිහාසය යනු කුමක් ද යන කාරණයත් ඉතිහාසය ඉගෙන ගැනීම අපට වැදගත් වන්නේ කුමක් නිසා ද යන කාරණයත් මෙම පාඩම්මාලාවේ දී ඔබට ඉගෙනීමට ලැබෙනු ඇත.

ලබාගන්න

7 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)

අපේ රටේ ආරම්භය පිළිබඳව හා ඉතිහාසයේ වාසය කළ අපේ මුතුන් මිත්තන්ගේ ජන ජීවිතය පිළිබඳව, විවිධ කරුණු පිළිබඳව වැඩි දුර ඉගෙන ගැනීමට හැකිවේ.

ලබාගන්න

8 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)

දීර්ඝ කාලයක් තිස්සේ අපේ මුතුන් මිත්තෝ එදිනෙදා මුහුණ දුන් ගැටලු විසඳා ගැනීම සඳහා තාක්ෂණය භාවිත කළහ. එම තාක්ෂණය පිළිබඳව මෙම පාඩමෙන් ඉගෙන ගනිමු.

ලබාගන්න

9 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම හා පසුව උඩරට සමඟ ඇති වූ ගිවිසුම් හා එම සබඳතාවයන් පිළිබඳව මෙම පාඩමෙන් ඉගෙන ගැනීමට හැකිය.

ලබාගන්න

10 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01

ඉතිහාසය හැදෑරීමේදි වැදගත්ම සාධකය වන්නේ මූලාශ්‍ර පිළිබඳව අවබෝධය තිබීමයි. අතීතය පිළිබඳව තොරතුරු ගත හැකි ලේඛන හා ඉතිරි වී පවතින භෞතික දේවල් මූලාශ්‍රයි.

ලබාගන්න

11 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)

කාර්මික විප්ලවය ලෙස හඳුන්වන්නේ අතින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. එහි ආරම්භය හා ව්‍යාප්තිය අපි ඉගෙන ගමු.

ලබාගන්න

6 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 01

අසිරිමත් බෝසත් කුමරුගේ උපත හා එම අසිරිමත් සිදුවීමට පෙර සිදුවූ සියල්ල පිළිබඳව මෙම පාඩමෙන් දරුවන්ට ඉගෙන ගැනීමට හැකිය.

ලබාගන්න

9 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 01

බෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වී පන්සාළිස් වසක් පුරාවට මහා කරුණාවෙන් ලෝකයාට දම් දෙසා අවසන පිරිනිවන් පෑම පිළිබඳව පාඩමේ ඇතුළත්ය.

ලබාගන්න

10 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 01

බෝසත් සිරිත අභියෝග රැසකින් පිරී පැවතුණකි. ඒ සියල්ල ජය ගනු ලැබුවේ ඉවසීම, කැපවීම හා අධිෂ්ඨානය මුල් කොට ගෙන ය. එයින් අපට ගත හැකි දෑ බලමු.

ලබාගන්න

11 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 01

පරමාදර්ශීම චරිතය වන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ය. පන්සාළිස් වසක් බුද්ධ ජීවිතය අභියෝගවලින් ගහණ වූවකි. ඒ ඇසුරින් අපේ අභියෝග ජය ගැනමු.

ලබාගන්න

7 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 01 (1 වන කොටස)

බෝධිසත්ත්වයන් සම්බුද්ධත්වයට පත්වී සත් සතිය තුළ වැඩ සිටි ස්ථාන හා එම කාලය තුළ සිදු වූ අසිරිමත් සිදුවීම් මෙම පාඩමේදී සවිස්තරාත්මකව ඉගෙන ගනිමු.

ලබාගන්න

8 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 01

සමාජයේ ජීවත් වන ලොකු කුඩා සැමට ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. එවන් අවස්ථාවල කලබල නොවී බුද්ධිමත් ව ඒවා විසඳා ගත යුතු වේ.

ලබා ගන්න

6 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 02

අප ජීවත්වන පෘථිවිය ගැන යම් තරමකින් හෝ ඉගෙන ගැනීම වැදගත්. මේ පාඩමේ දී ඉගෙන ගන්නට ලැබෙන්නේ පෘථිවිය නිර්මාණය වීම සහ ඒ මත ජීවීන් බිහි වීමට අදාළ කරුණු ය.

ලබා ගන්න

7 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (2 වන කොටස)

අපේ රටේ පැරණි කර්මාන්ත හා මුතුන් මිත්තන්ගේ ජන ජීවිතය පිළිබඳව හා පැරණි සංස්කෘතිය පිළිබඳව වැඩි දුර ඉගෙන ගැනීමට මෙම පාඩමෙන් හැකිවේ.

ලබා ගන්න

6 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 01

පරිසරය යනු අප ඇතුළු ව අපේ වටාපිටාවයි. පරිසරය විවිධ දේ වලින් සමන්විත ය. එහි විවිධත්වය අසිරිමත්ය. ඒ පිළිබඳව ඉගෙන ගැනීමට මෙම පාඩමෙන් ආරම්භ කරමු.

ලබා ගන්න

11 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 01

බහු සෛලික ජීවිියකුගේ දේහයේ එක් සංවිධාන මට්ටමක් ලෙස පටක පිළිබඳව යම් තාක් දුරට ඔබ අධ්‍යයනය කර ඇත. පටක පිළිබඳ තවදුරටත් හැදෑරීම මෙම පාඩමේදී සිදු කෙරේ.

ලබා ගන්න

8 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 01

පියෙවි ඇසට පැහැදිලිව පෙනෙන ජීවීන් මෙන් ම එසේ පැහැදිලිව නොපෙනෙන ජීවීන් ද අප අවට පරිසරයේ සිටින බව අපි දනිමු. පියෙවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් පිළිබඳව මෙම පාඩමෙන් අධ්‍යයනය කිරමු.

ලබා ගන්න

11 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (2 කොටස)

කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස කාර්මික විප්ලවය යනුවෙන් හැඳින්වේ. මෙම පාඩමේ දෙවන කොටසින් තාර්මික විප්ලවය පිළිබඳ වැඩිදුර ඉගෙන ගනිමු.

ලබා ගන්න

8 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (2 වන කොටස)

අපේ මුතුන් මිත්තෝ එදිනෙදා මුහුණ දුන් ගැටලු විසඳා ගැනීම සඳහා තාක්ෂණයක් භාවිත කළහ. කාලයක් තිස්සේ දියුණු වෙමින් පැමිණි එම තාක්ෂණයේ ඇතැම් අංග අපිටම ආවේණික වේ.

ලබා ගන්න

8 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 02

සතුන් විවිධ නිර්ණායක පදනම් කර ගෙන කාණ්ඩවලට වෙන් කිරීමෙන් ඔවුන් පිළිබඳ අධ්‍යයනය පහසු වේ. පොදු ගති ලක්ෂණවලට අනුව සතුන් වෙන් කිරීම සත්ත්ව වර්ගීකරණය වේ.

ලබා ගන්න

8 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 03

ශාකවල ප්‍රධාන කොටස් පිළිබඳව ඔබ හත්වැනි ශ්‍රේණියේ දී අධ්‍යයනය කර ඇත. එම දැනුම භාවිතයෙන් ශාකයක ප්‍රධාන කොටස් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීම මෙම පාඩමේදී සිඳු කරයි.

ලබා ගන්න

10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය – පාඩම 06

සිංහල සාහිත්‍ය කොටසට අඳාලව ලෝ දහම පිළිබඳ එළි දහරක් විටින් විට විහිදුවන ‘ගංගාවේ සංගීතය’ නමැති, කුඩලිගම කවියාගේ පැදි පෙළ මේ පාඩමෙන් ඉදිරිපත් කෙරේ.

ලබා ගන්න

11 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 02

හරිත ශාක තුළ ආහාර නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය වන ප්‍රභාසංශ්ලේෂණය පිළිබඳව හොඳින් අධ්‍යයනය කර ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධ කර ගනීමට මෙම පාඩමෙන් හැකිය.

ලබා ගන්න

9 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 01

බොහෝ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය මිනිසාට හා අනෙකුත් සත්ත්වයන්ටද ශාකවලටද හිතකර වේ. සමහර ක්ෂුද්‍ර ජීවීහු අහිතකර තත්ත්ව ඇති කරති. මේ පිළිබඳව ඉගෙන ගනිමු.

ලබාගන්න

11 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 03

යම් පදාර්ථයක් තුළ ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් අඩංගුනම් එවැනි පදාර්ථ මිශ්‍රණ ලෙස හැදින් වේ. මෙම පාඩමෙන් මිශ්‍රණ පිළිබඳ මූලික හා ප්‍රධාන වැදගත් කරුණු රැසක් ඉගෙන ගත හැක.

ලබාගන්න

Grade 8 English – Lesson 01 (Part 1)

The Grade 8 students of Ranpura Vidyalaya are organizing an English camp. Now let's see how they plan and work it while learning English with many competencies and grammar.

ලබාගන්න

7 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 01 (2 කොටස)

බුදුපියාණන් වහන්සේ සත් සතිය ගත කිරීමෙන් පසුව බරණැස ඉසිපතනයට වැඩමවා පස්වග තවුසන්ට දහම් දෙසීමත් තවත් විශේෂ සිද්ධි හා කරුණු කිහිපයක් මෙම පාඩමෙන් උගත හැකිය.

ලබාගන්න

10 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 02

ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් වූයේ මීට අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසකට පමණ ඉහතය. ඉන්දියානු සාගරය හරහා හෝමොසාපියන්වරු මෙරටට සංක්‍රමණය වූහ. එතැන් පටන් ඉතිහාසය ඔබට මෙම පාඩමෙන් ඉගෙන ගත හැක.

ලබාගන්න

10 ශ්‍රේණිය සිංහල – සිංහල අක්ෂර මාලාව

කථා කිරීමේ දී මුවින් නිකුත් වන ශබ්ද ලියා දක්වන දෘෂ්ටිගෝචර සංකේත අක්ෂර හෙවත් අකුරු නමින් හැඳින්වේ. සිංහල භාෂාවේ අක්ෂර මාලාව අක්ෂර 60කින් සමන්විත වේ. එය හොඳින් ඉගෙන ගැනීමට මෙම පාඩම උපකාර වේ. 

ලබාගන්න

7 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 01

පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හැඳින්වෙන අතර පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හැඳින්වේ. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් හා සුවිශේෂි කාර්ය සඳහා ද හැඩගැසී ඇති ආකාරය පිළිබඳව මෙම පාඩමේ ඉගැන්වේ.

ලබාගන්න

10 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – පාඩම 01

මෙම පාඩම හැදෑරීමෙන් ඔබට, දත්ත සහ තොරතුරු වෙන් කර හඳුනා ගැනීම‍, පද්ධතියක් යනු කුමක් ද, එදිනෙදා ජීවිතයේ දී දක්නට ලැබෙන පද්ධති, ගුණාත්මක තොරතුරක ලක්ෂණ, පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

ලබාගන්න

6 ශ්‍රේණිය සිංහල භාෂාව – පාඩම 01

ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු නොදැන සිටි මිනිස්සු ඔවුන්ගේ අත්දැකීම්, දැනුම කටින් කට පවත්වාගෙන ආවෝ ය. ඒවා වර්තමානයේ ජනශ්‍රැති නමින් හැඳින්වෙයි. මෙම පාඩම ජනශ්‍රැතියට අයත් ජනකතාවක් ඇසුරුකර සැකසී ඇත.

ලබාගන්න

9 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (2 කොටස)

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම හා පසුව උඩරට සමඟ ඇති වූ ගිවිසුම් හා ලන්ටෙද්සී වෙළඳාම හා පාලන ක්‍රම පිළිබඳව මෙම පාඩමෙන් ඉගෙන ගැනීමට හැකිය.

ලබාගන්න

6 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 02

අප අවට බැලූ විට ගහ කොළ, සතුන් මෙන් ම පොළොව මත ඇති විවිධ දෑ ඔබට පෙනේ. විවිධ ශබ්ද කනට ඇසේ. සූර්ය තාපය නිසා සිරුරට උණුසුමක් දැනේ. මේවා පිළිබඳ විද්‍යාත්මකව ඉගෙනගනිමු.

ලබාගන්න

11 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය – පාඩම 01

පරම්පරානුගතව පැවතෙන නර්තන, වාදන හා රංගන අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍රවලින් සමන්විත මේ පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරයි. මෙම පාඩම එම දළඳා පෙරහැර පිළිබඳවයි.

ලබාගන්න

6 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 03

ජලය යයි කියූ විට මතක් වන්නේ ගංගා, ඇළ, දොළ, ළිං, පොකුණු ආදිය යි. ඒවායේ අඩංගු වන්නේ ද්‍රව අවස්ථාවේ පවතින ජලයයි. ජලය සැමවිට ම පවතින්නේ ද්‍රව අවස්ථාවේ පමණක්ද?

ලබාගන්න

7 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 02

ඇතැම් ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍යවලින් පිරිමැදීම නිසා ස්ථිති විද්‍යුතය හට ගනී. ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් ඇත. එම ආරෝපන හා ස්ථිති විද්‍යුතය පිළිබඳ මෙම පාඩමෙන්.

ලබාගන්න

7 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 03

එදිනෙදා කටයුතු පහසුකර ගැනීම සඳහා භාවිත කරන බොහෝ උපකරණ ක්‍රියා කරනුයේ විදුලියෙන් බව ඔබ දන්නා කරුණකි. එම විදුලිය නිපදවන ආකාරය මෙම පාඩමෙන් දැන ගනිමු.

ලබාගන්න

10 ශ්‍රේණිය සාහිත්‍ය – (ගුත්තිල වෙණ නද) පාඩම 02

ගුත්තිල කාව්‍යය රචනා කරනු ලැබුවේ වෑත්තෑවේ හිමියන් විසිනි. පච්‍ය 511 කින් සමන්විත ගුත්තිල කාව්‍යය, ගුත්තිල ජාතකය ඇසුරෙන් නිර්මාණය වූවකි. මෙම පාඩමේ පද්‍ය පන්ති 34 ක් ඇතුලත්ය. එයින් පළමු 17 මෙහි ඇත.

ලබාගන්න

8 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 04

අප අවට පරිසරය පදාර්ථ හා ශක්තිවලින් සමන්විත වේ. පදාර්ථ හා ශක්ති පිළිබඳව 6 ශ්‍රේණියේ දී ඔබ උගත් කරුණු සිහිපත් කරන්න. එම දැනුම තව දුරටත් තහවුරු කර ගැනීමට මෙම පාඩම උපකාරී වේ.

ලබාගන්න

10 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය – මුණි සිරිපා සිඹිමින්නේ (05 පාඩම)

ටිබෙට් ජාතික එස්ග මහින්ද හිමි යනු මෙරට ජාතික වීරවරයන් ගැන කියැවෙන අවස්ථාවන්හි දී නොවැරදී ම සඳහන් වන සුවිශේෂ නාමයකි. උන්වහන්සේ විසින් රචිත පද්‍ය පෙළකි මෙම පාඩමෙන් ඉගෙන ගත හැක්කේ.

ලබාගන්න

10 ශ්‍රේණිය සිංහල හා සාහිත්‍ය – හානා හීය පානා අඬහැරෙන් දැනේ (03 පාඩම)

පොදුජනයා අතරේ භාවිත වන සරල ජීවන රටාව හා බැඳුණු සිංහල ජන කවියේ විශේෂිත අංගයක් වූ දැනමුතුකමට කී කවි’ හෙවත් ‘උපදෙස් දීම සඳහා කී කවි’ ගණයේලා සැලකෙන ජන කවි කීපයක් මෙම පාඩමෙන් අධ්‍යනය කළ හැක.

ලබාගන්න

6 ශ්‍රේණිය සිංහල භෂාව – පාඩම 03

ආර්.එල්. ස්පිට්ල් වෛiවරයා වැදි ජනයා හා වෙසෙමින් ලත් අත්දැකීම් නිර්මාණාත්මක ප්‍රබන්ධ ස්වරූපයෙන් ලියා තැබී ය. මේ පාඩම ඒ.පී. ගුණරත්න මහතා එය පරිවර්තනය කළ මැකී ගිය දඩමං කෘතියෙන් උපුටා ගත්තකි.

ලබාගන්න

8 ශ්‍රේණිය සිංහල භාෂාව – පාඩම 01

මිනිස් මහිමය, තන්වැසි නුවණ හා විචක්ෂණභාවය ප්‍රකට කිරීම ජන කතාකරුවාගේ පරමාර්ථය යි. ජන කතාවකට සවන් දී රස විඳීමට හා සාම්ප්‍රදායික යෙදුම් පිළිබඳ අවබෝධයක් ලැබීමට මේ පාඩම ඔබට උපකාරි වනු ඇත.

ලබාගන්න

6 ශ්‍රේණිය ගණිතය – පාඩම 01

මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය භාවිතයෙන් මෝස්තර නිර්මාණය කිරීමට, හැකියාව ලැබේ.

ලබාගන්න

6 ශ්‍රේණිය ගණිතය – පාඩම 02

මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, පූර්ණ සංඛ්‍යාවක එක් එක් ඉලක්කම පිහිටන ස්ථානයට අදාළ ස්ථානීය අගය දැන ගැනීමට, පූර්ණ සංඛ්‍යාවක එක් එක් ඉලක්කමෙන් නිරූපිත අගය දැන ගැනීමට සහ බිලියන කලාපය තෙක් සංඛ්‍යා කියවීමට හා අකුරින් ලිවීමට හැකියාව ලැබේ.

ලබාගන්න

7 ශ්‍රේණිය සිංහල භාෂාව – පාඩම 02

මහනුවර දළඳා මහ පෙරහර ආරම්භ කිරීම හා නැවත උපසම්පදාව පිහිටුවීම ආදී සංඝරාජ මාහිමියන්ගේ ශාසනික සේවාද තවත් ජීවන තොරතුරුද මෙම පාඩමෙන් ඔබට ඉගෙන ගැනීමට හැකිය.

ලබාගන්න

11 ශ්‍රේණිය සිංහල භාෂාව – පාඩම 02

ගැමි සුන්දරත්වය පමණක් නොව ආදරය වැනි මානව හැඟීම්ද මනා කොට චිත්‍රණය කිරීමට කවියට හැකිය. අපගේ පැරනි ජන සමාජයේ නෑන මස්සිනා ආදර කතා එමටය. මෙම කවි තුලින් හබට රස විදින්නට ලැබෙන්නේ එවැනි ආදරයක විප්‍රලම්භයයි.

ලබාගන්න

6 ශ්‍රේණිය සිංහල භාෂාව – පාඩම 02

මහින්ද හිමි විසි වන සියවසේ සිංහල කාව්‍ය ක්ෂේත්‍රය පෝෂණය කළ ලේඛකයන් අතරේ ප්‍රමුඛයකු සේ පිළිගැනේ. උන්වහන්සේ විසින් රචිත උදය සිරි පද්‍ය පන්තියේ සොබාදහමේ ආශ්චර්යයෙන් මිනිස් ජීවිත ප්‍රබෝධවත් වන ආකාරය පැවසෙයි.

« » page 1 / 5