විශ්වයේ විවිධ තරංග ක්‍රියාකාරීව පවතින අතර, ඒවා සත්ත්ව සංහතිය පාලනය කිරීමට තරම් ප්‍රබලවෙයි. විශේෂයෙන් ඒවායේ බලපෑම එල්ලවන්නේ මිනිස් ක්‍රියාකාරීත්වයටයි. එකී තරංග, තරංග ආයාම හා සංඛ්‍යාත පරාසයන්ට අනුකූලව වෙනස් වෙයි. අපගේ මිනිස් මොළය තරංග වර්ග 5 ක් නිපදවන බව ඔබ දැන සිටියාද? මොළය සහ එහි තරංගවල ක්‍රියාකාරීත්වය පිළිබඳ සුවිශේෂී තොරතුරු රැසක් හඳුනාගෙන ඇති අතර මෙම ලිපියෙන් එම තරංග පිළිබඳ ඉතා කෙටියෙන් හඳුන්වා දීමට උත්සාහ කරමු.

පාඩම් කරන පසුබිමක ඇල්ෆා සංගීතය අඩු හඬකින් ඇසෙන්නට සැලස්වීම ඉතාම සාර්ථක ඉගෙනුම් ක්‍රමයකි. බොහෝ දියුණු රටවල අධ්‍යාපන ආයතන මෙම ක්‍රමය දරුවන්ට ලබා දෙන අතර මිල අධික මාර්ගගත අධ්‍යාපන කට්ටල තුලද මෙම ක්‍රමය භාවිත කෙරේ.

නමුත් ඉතාම සතුටුදායක අරංචිය නම් මෙම ක්‍රමය දැන් අපේ රටේ සියළුම පාසල් දරුවන්ටත් එඩිර ටියුටර් පාඩම්මාලා හරහා හිමි වීමයි. එහිදී අඳාල පාඩම ආකර්ශණීය රූප රාමු සමඟින් දරුවාගේ නෙත් සිත් ඇද බැඳ තබා ගනිද්දී පසුතලයෙන් ඇසෙන ඇල්ෆා සංගීතය දරුවා ඉහල මානසික ඒකාග්‍රතාවයකට පත් කරයි.

මොළය යනු ඇල්ෆා තරංග නිෂ්පාදනාගාරයකි

ඔබ උදෑසන අවදි වී පළමුවෙන් සිදුකරන්නේ කුමක්ද ? බොහෝ විට එලාම් ඔරලෝසුව අක්‍රීය කර කෙටි වේලාවක් කල්පනාවක් සහිතව සැතපී සිටිනවා විය හැකිය. මෙම අවස්ථාවේදී, ඔබේ මොළය ලිහිල් විය හැකියි. එම අවස්ථාවේදීම මොළය ඇල්ෆා තරංග නිපදවයි. මෙවැනි මානසික මට්ටමකදී ඔබට යම් කරුණක් පිළිබඳ ඉතා හොඳ අවදානයක් පවත්වාගත හැකි වේ. එය ඇතැමෙක්ට අනුව යම් භාවනායෝගී අවස්තාවකට බොහෝ දුරට සමාන යැයිද කිව හැක. මෙසේ සිදුවන්නේ මොළය විසින් නිපදවෙන ඇල්ෆා තරංග විසින් නිර්මාණය කරන මොළයේ පසුබිම නැතිනම් මානසික මට්ටම හේතුවෙනි.

මොළය විසින් නිපදවන්නේ ඇල්ෆා විතරද ?

මොළයේ තරංග යනු මොළයේ දෝලනය වන විද්‍යුත් වෝල්ටීයතාවයක් වන අතර එය වෝල්ට් එකකින් මිලියන කිහිපයක් පමණි. මොළය විසින් නිපදවන ප්‍රධාන තරංග වර්ග 5 ක් හදුනාගත හැකියි. මෙසේ තරංග වර්ග හඳුනාගන්නේ මානව ඊඊජී (Human EEG) නම් තාක්ෂණ ක්‍රමවේදය උපයෝගී කරගෙනයි. එහිදී හිස් කබලට සම්බන්ධ විද්‍යුත් පරිපථ රාශියකින් තිරයක් මතට තරංග ආයාම හා සංඛාත පෙන්නුම් කරන රූප සටහන් ලබා ගත හැකියි. මෙසේ හඳුනාගන්නා ප්‍රධාන තරංග වර්ග පහ මෙලෙස හඳුන්වා දී තිබේ.

  1. ගැමා (Gamma – γ),
  2. බීටා (Beta – β),
  3. ඇල්ෆා (Alpha – α),
  4. තීටා (Theta – θ)
  5. ඩෙල්ටා (Delta- δ) ආදී වශයෙනි.

මෙම එක් එක් තරංගය නිපදවීමත් සමඟ මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වේ. තවත් ආකාරයකට පැවසුවහොත් අපගේ එදිනෙදා ජීවිතයේ මුහුණදෙන විවිධ සිදුවීම්වලදී සහ විවිධ දෛනික චර්යාවලදී අපගේ මොළය පිහිටන්නේ මෙම එක් එක් තරංගය මතයි. ඒ අනුව මිනිස් ක්‍රියාකාරකම් හා මොළයේ තරංග අතර සම්බන්ධයක් පවතී.

ගැමා තරංග – Gamma (γ)

මොළයේ ඇති වේගවත්ම තරංග වර්ගයයි. වර්තමාන තාක්ෂණය සමඟ නිවැරදිව මැනීමට අපහසුය. මෑත අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත්තේ ගැමා තරංග මගින් සංජානනය සහ ගැටලු විසඳීමේ හැකියාව වැඩිදියුණු කළ හැකි බවයි. ඔබේ මොළය වැඩ කරන විට, තොරතුරු සැකසීමට සහ ගැටලුවලට විසඳුම් සෙවීමට මෙම තරංග ඉතා වැදගත් වේ. එවැනි අවස්ථාවල මෙම තරංගය නිපදවන්නට හැකි වුවහොත් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව විද්‍යාඥයින් සොයාගෙන ඇති කාරණයයි.

බීටා තරංග – Beta (β)

බීටා තරංග යනු අධි-සංඛ්‍යාත තරංග වර්ගයක් වන අතර ඒවා සාමාන්‍යයෙන් අප අවදියෙන් සිටින විටදී ක්‍රියාත්මක වේ. මෙම තරංග සවිඥානික චින්තනයට සහ තාර්කික චින්තනයට සම්බන්ධ වන අතර, උත්තේජක බලපෑමක් ඇති කිරීමට නැඹුරු වේ. බොහෝවිට දෛනික වැඩකටයුතු සාර්ථකව සිදුකර ගැනීමට මෙම බීටා තරංගය උපකාරී වේ.

ඇල්ෆා තරංග – Theta (α)

ඇල්ෆා තරංග අපගේ මොළය නිපදවන තරංග වර්ණාවලියේ මධ්‍යයේ පිහිටයි. මිනිස් මොළය ඇල්ෆා සංඛ්‍යාතයෙන් ක්‍රියාත්මක වන විට, පහසුවෙන් නව තොරතුරු අවශෝෂණය කර ගැනීමට හැකි වන අතර සැලකිය යුතු තරම් නිර්මාණශීලී වේ.

කාර්ය සාධනය සම්බන්ධයෙන් ගත් කල, මොළය නිපදවන තරංග අතරින් වඩාත්ම වටිනා තරංග වර්ගය ඇල්ෆා තරංග වේ. සන්සුන්ව හා දක්ෂ ලෙස ඔබේ විෂය කරුණු සමඟ සම්පුර්ණයෙන්ම නියැළෙමින්ද නියමිත කාලසීමාවන් යටතේ වැඩකරමින්ද සිටින අතර, සම්පූර්ණයෙන්ම සතුටින් සහ සැහැල්ලුවෙන් සිටිය හැකි මෙම තත්ත්වය එක්තරා ආකාරයක මෝහනයක් ලෙස සැලකිය හැකිය.
විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ට සහ වැඩිහිටියන්ට මෙම ඇල්ෆා තරංගය වැඩියෙන් නිපදවාගත හැකිනම් ඉතාම සාර්ථකව සහ පහසුවෙන් නව විෂය කරුණු මනසට අවධාරණය කර ගැනීමටත්, ඒවා මතක තබා ගැනීමටත් මෙන්ම හොඳින් අවබෝධකර ගැනීමටත් හැකියාව ලැබේ.

ඇල්ෆා තරංග වැඩි වැඩියෙන් නිපදවමු

ඇල්ෆා තරංග, තීටා සහ බීටා තරංග අතර දෝලනය වේ. ඒවා සාර්ථකව භාවිතා කිරීම සඳහා, ඔබට සාමාන්‍යයෙන් දේවල් මන්දගාමී කිරීමට, ඔබේ හුස්ම ගැඹුරු කිරීමට, ඔබේ හෘද ස්පන්දන වේගය අඩු කිරීමට සහ ඔබේ මනසෙහි විද්‍යුත් ක්‍රියාකාරකම් සන්සුන් කිරීමට අවශ්‍ය විය හැකිය.

එම දේවල් හුරු පුරුදු කරගැනීමට හා සාර්ථකව සිදුකර ගැනීමට පහත ක්‍රම භාවිත කළ හැක.

  1. භාවනාව සහ පියවි සිහිය (Meditation and Mindfulness)

විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් භාවනාව සහ පියවි සිහිය මෙම හිතකර ඇල්ෆා මානසික මට්ටමට පිවිසීමට උපකාරී වන බවට සෘජු සාක්ෂි සොයාගෙන ඇත. මොළය විසින් ඇල්ෆා තරංග නිපදවීමේ සුන්දරත්වය එයයි. එය ආතති මට්ටම් අඩු කරමින් ඵලදායිතා මට්ටම් වැඩි කරයි. එය බාල තරුණ මහළු සැමට විශිෂ්ට ප්‍රතිඵල අත්කර දෙයි.

  1. සියලු බාධා ඉවත් කරන්න (Eliminate all distractions)

නවතම පර්යේෂණ වලට අනුව, ඔබ අවධානය වෙනතකට යොමු කරන සෑම විටම, නැවත පෙර පරිදි අවධානය ලබා ගැනීමට සාමාන්‍යයෙන් මිනිත්තු 25ක් ගත වේ. ඉතිං සිතන්න… අවධානයෙන් යුතුව පාඩම් කිරීමට යොමුවන ඔබට කෙතරම් වාර සංඛ්‍යාවක් අවධානය නැති කරගන්න සිද්ධ වෙනවාද? එවිට නාස්ති වන කාලය කොපමණද?

ඔබ අවධානයෙන් යුතුව පාඩම් කිරීමට යම් ස්ථානයකට ළඟාවන විට, ඔබේ මාර්ගයෙන් හැකි සෑම බාධාවක්ම ඉවත් කිරීමට වගබලා ගැනීම ඉතා වැදගත් කාරණයකි. එයින් අදහස් වන්නේ නිස්කලංක, පිරිසිදු පරිසරයක පාඩම් කිරීමට යාමට පෙර ඔබගේ දුරකථනය ක්‍රියා විරහිත කිරීම සහ අනෙකුත් සියලුම බාධාකාරී දේ අක්‍රිය කිරීම පියවර ගැනීමය. තවද සරල, පිරිසිදු මේසයක බලය සහ ප්‍රබලතාවය ඇල්ෆා තරංග සඳහා ඉතා වැදගත් වේ. එමෙන්ම ඔබ සිටින්නේ ඝෝෂාකාරී පරිසරයකනම් ශබ්දය අවලංගු කරන හෙඩ්ෆෝන් පැළඳීම ඉතා සුදුසුය.

ඉහත සියල්ල ඔබට වඩාත් වේගයෙන් ඇල්ෆා තරංග නිපදවන මානසික තත්ත්වයට ළඟා වීමට උපකාරී වනවා පමණක් නොව, දිගු වේලාවක් ඇල්ෆා මතම රැදී සිටීමටද හේතු විය හැකිය.

  1. ඔබේ උපරිම ජීව විද්‍යාත්මක කාලය තුළ වැඩ කරන්න (Work at your biological peak time)

ඔබ වෙහෙසට පත්ව සිටින විට සහ ශක්තියෙන් අඩු වූ විට ඔබේ අධිෂ්ඨානය සහ මානසික මට්ටම් දුර්වල වී ඔබේ අවධානය වෙනතකට යොමු කිරීමට ඉඩ ඇති නිසා, ඇල්ෆා තරංග ප්‍රයෝජනයට ගැනීම එවැනි අවස්ථාවල අරගලයක් වනු ඇත.

එමෙන්ම එක් එක් පුද්ගලයන් අලුතින්ම ජීවවිද්‍යාත්මක කාළරාමුවක් රැගෙන එයි. ඒ අනුව කෙනෙකුට උදෑසනම ඉතා හොඳින් පාඩම් කිරීම ආදී ඇල්ෆා තරංග නිපදවාගැනීම අවශ්‍ය වැඩ කළ හැක. තවත් කෙනෙකුට එය සවස, රාත්‍රිය, ආහාරයට පෙර, පසු ආදී ලෙස වෙනස් වේ. ඒ නිසා ඔබේ ශක්ති මට්ටම සාමාන්‍යයෙන් ඉහළ බව ඔබ දන්නා දවසේ පැය දෙකක හෝ තුනක කාල සීමාවන් කලින් හඳුනාගෙන එම වේලාවන් පාඩම් කිරීම ආදියට වෙන්කර ගන්න.

  1. තනි කාර්යයක් කෙරෙහි අවධානය යොමු කරන්න (Focus on a single task)

එක දිගට යමක නියැලීමේ සාර්ථකත්වය යනු එහි ප්‍රමාණාත්මක බව නොව ගුණාත්මකභාවයයි. ඇල්ෆා තරංග අවුලුවාලීමට, ඔබේ මනස මේ මොහොතේ පියවි සිහියේ තිබිය යුතුය. එකවර විවිධ කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් මනස විසීරි යා හැක. ඔබට මෙම අවධානය පහසුවෙන් මුවහත් කර ගත හැකි ක්‍රම පවතී.

වැදගත් කාර්යයක් තෝරාගෙන විනාඩි 15ක් සඳහා ටයිමරයක් සකසන්න, අවධානය වෙනතකට යොමු වෙන සෑම විටම නැවත නැවත එම මෙහෙයුම වෙතම ඔබේ අවධානය යොමු කරන්න. ඔබට පැයක් හෝ ඊට වැඩි කාලයක් තෝරාගත් කාර්යයෙහි නාභිගත තත්වයක සිටිය හැකි වන තෙක් ටයිමරය වැඩි කරන්න.

දිගු කාලයක් මානසික ඒකාග්‍රතාවයේ සිටීමට මනසට ඇතුළු වන සිතුවිලි පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම වැදගත්. ඔබේ මනස උද්‍යාන බංකුවක් මෙන් සිතන්න, එහිදී ඔබට වාඩි වීමට ඉඩ දෙන සිතුවිලි පාලනය කළ හැකිය. ඔබ අවශ්‍ය සිතුවිල්ල පමණක් වාඩිකරවාගෙන අනෙක් සියල්ලන්ටම බංකුව පසුකර යාමට ඉඩ දිය යුතුය.

  1. විජලනයෙන් තොරව සිටින්න (Stay Hydrated)

ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට (එමගින් වඩාත් පහසුවෙන් මානසික එකාග්‍රතාවයට ළඟා වීමට) සරලම නමුත් නොසලකා හරින ලද ක්‍රමයක් නම් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමයි. මිනිස් මොළය 75% ජලයෙන් සමන්විත වන අතර, එහි ප්‍රශස්ත මට්ටමේ ක්‍රියා කාරීත්වය සඳහා එයට නිරන්තර ජල සැපයුමක් අවශ්‍ය වන අතර එහිදී ඇල්ෆා තරංග නිපදවීමටද වැඩි පහසුවක් සැලසේ.

ඔබේ මොළය එන්ජිමක් ලෙස සිතන්න. ඔබට වඩාත් දිගු සුමට ගමනක් අවශ්‍ය නම්, සෑම විටම තෙල් පිරවිය යුතුය. ඇත්ත වශයෙන්ම, ප්‍රමාණවත් තරම් ජලය ඔබේ ශරීරයට ලබා දීමෙන් සිතීමේ වේගය 14% කින් වැඩි වෙනවා මෙන්ම වැඩි කාලයක් එක දිගට අවධානය යොමුකර වැඩ කිරීමටද හැකියාව ලැබේ.

  1. ඇල්ෆා සංගීතයට සවන් දෙන්න (Listen to the —Alpha Music)

මෙම ලිපියේ පිළිවෙල අනුව අවසන් ස්ථානයේ තැබුවද ඇල්ෆා සංගීතය යනු අපගේ ලිපියේ ප්‍රධානතම මාතෘකාවකි.

මානසික ඒකාග්‍රතාවය බොහෝ විට අර්ධ මෝහන තත්ත්වයකට සංසන්දනය කරයි. සංගීතය ඔබට එහි යාමට උපකාර කරයි.

මෙම ප්‍රවේශයේ ඇති සුන්දරත්වය නම්, එය අභ්‍යන්තර අවධානය වෙනතකට යොමු කිරීම (අයාලේ යන සිතුවිලි) මෙන්ම බාහිර සාධක (සිත අයාලේ රැගෙන යන්නට උත්සහ කරන දේවල්) යන දෙකම අවහිර කිරීමට උපකාරී වීමයි. එමඟින් ඔබට වඩාත් පිරිසිදුව සහ සම්පූර්ණ අවධානය රදවා ගැනීමටත් එමඟින් ඇල්ෆා තත්වයකට වඩා වේගයෙන් ඇතුළු වීමටත් උපකාරී වේ.

පාඩම් කරන පසුබිමක ඇල්ෆා සංගීතය අඩු හඬකින් ඇසෙන්නට සැලස්වීම ඉතාම සාර්ථක ඉගෙනුම් ක්‍රමයකි. බොහෝ දියුණු රටවල අධ්‍යාපන ආයතන මෙම ක්‍රමය දරුවන්ට ලබා දෙන අතර මිල අධික මාර්ගගත අධ්‍යාපන කට්ටල තුලද මෙම ක්‍රමය භාවිත කෙරේ.

නමුත් ඉතාම සතුටුදායක අරංචිය නම් මෙම ක්‍රමය දැන් අපේ රටේ සියළුම පාසල් දරුවන්ටත් එඩිර ටියුටර් පාඩම්මාලා හරහා හිමි වීමයි. එහිදී අඳාල පාඩම ආකර්ශණීය රූප රාමු සමඟින් දරුවාගේ නෙත් සිත් ඇද බැඳ තබා ගනිද්දී පසුතලයෙන් ඇසෙන ඇල්ෆා සංගීතය දරුවා ඉහල මානසික ඒකාග්‍රතාවයකට පත් කරයි.

එයින් මොළය වැඩියෙන් ඇල්ෆා තරංග නිපදවමින් මනස ඇල්ෆා මට්ටමේ පවත්වා ගනී. පාඩම් මතක තබා ගැනීමටත්, නව විෂය කරුණු හොඳින් අවබෝධ කර ගැනීමටත්, මානසික පීඩනයෙන් තොර සතුටින් පාඩම් කරන දරුවෙකු බිහි කිරීමටත් මෙයින් හැකියාව ලැබෙනවා.

දැනුම බෙදා හරින්න!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *