දරුවෝ කවදත් දෙමාපියන්ට බරක් වුණේ නෑ. නොකා නොබී හරි දරුවන්ව පෝෂණය කරන එක හැම අම්මෙක්ගේම, තාත්තෙක්ගේම සතුටක්. ඒ අතර දරුවාට උසස් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම තමා ලොකුම බලාපොරොත්තුව. ඉතිං අපේ දෙමාපියෝ මොන දේ අහිමි වුණත්, දරුවාට අධ්‍යාපනය ලබා දීමට මහන්සි වෙනවා. විශාල මුදලක් වියදම් කරනවා. දැන් හැබැයි ප්‍රශ්න දෙකක් තියෙනවා.

පළමු ප්‍රශ්නය, අපි මේ ගෙවමින් ඉන්නේ ඉතිහාසයේ අප දන්නා කාලයක මුහුණ දීමට සිදුවුණ දැවැන්තම ආර්ථික අර්බුදයයි. දවසින් දවස උද්ධමනය වැඩිවෙනවා. කෑම බීම, ඇඳුම් පැලඳුම්, ගමන් බිමන් හැම දෙයක්ම පාලනය කලත් දරුවාගේ අධ්‍යාපන වියදම අඩු කරන්න බෑ. දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුලක් නම් තත්ත්වය තවත් බරපතලයි. ඉස්කෝල ගමනත් අක්‍රමවත්, ටියුෂන් පංති තමා විසඳුම. ප්‍රවාහන වියදම්, පන්ති ගාස්තු හැමදේම දරාගෙන ඉන්නකොට විදුලිය බිඳවැටීම් නිසා Zoom පන්තියට යාගන්න බැරි වෙකොට, දරුවන්ට කලින් හෙම්බත් වෙන්නේ දෙමාපියන්. ඊට පස්සේ දරුවනුත් අසරණ වෙනවා. ඒ කියන්නේ පුංචි පවුලේ සිහින බලාපොරොත්තු සියල්ලම බොඳවෙලා යනවා.

දරුවෝ ආසාවෙන් ඉගෙන ගන්නේ නෑ

පළමු ප්‍රශ්නය සම්පුර්ණයෙන් ම ආර්ථික ප්‍රශ්නයක්. හැබැයි තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලන්න ඔච්චර කල් මොනදේ වුණත් දරුවගේ අධ්‍යාපනයට බාධාවක් වෙන්න ඉඩ දුන්නේ නෑනේ. ඉස්කෝලේ යැව්වා, ටියුෂන් පන්ති යැව්වා, පස්සේ Zoom පන්ති ගියා. ඒත් තාම දරුවෝ ආසාවෙන් ඉගෙන ගන්නේ නෑ. අම්මගේ කටේ බලේට සමහර දරුවන් පාඩම් අහන් හිටියට මොළේට අවධාරණය කරගන්නේ නෑ. විභාගයේ ලකුණු අඩුයි. දෙමාපියන්ගේ කැපකිරීම් වලට සරිලන කැපවීමක් දරුවන්ගේ පේන්න නෑ. ඉතිං ඔබ කෝප ගන්නවා, මනසින් වැටෙනවා, අධෛර්යමත් වෙනවා. ඒ සියලු පීඩන ඇතැම් විට දරුවන් පිටින් යනවා. ශාරීරික දඬුවම් පවා සිදු වෙනවා. ඒත් ඇත්තටම ඒක දරුවන්ගේ වරදක් නොවේ. එහෙනම් වරද කාගෙද? ඒක තමා දෙවෙනි ප්‍රශ්නය.

මෙම ප්‍රධාන ප්‍රශ්න දෙකට විසඳුමක් තියෙනව ද? ඇත්තටම ඔව්, තියෙනවා. මේ ප්‍රශ්න දෙකට අමතරව තවත් ප්‍රශ්න රාශියකටත් විසඳුම් සලසමින්, දෙමාපියන්ට මෙන්ම දරුවන්ට ද වාසි රැසක් හිමි කරමින් සියල්ලටම එකම විසඳුමක් තියෙනවා. ඒ තමා එඩිර ටියුටර්. Edira Tutor.

මොකක් ද එඩිර ටියුටර් කියන්නේ,

මාර්ගගත අධ්‍යාපනය (Online Education) කියන්නේ Zoom Class නෙමේ. YouTube පාඩම් නෙමේ. වෙනත් අධ්‍යාපන යෙදවුම් (Educational App) වල එක දිගට පැය ගණන් උගන්වගෙන යන පාඩම් නෙමේ. අන්න ඒ කියන්නේ ලංකාවේ දරුවන්ට තාම හරිහැටි මාර්ගගත අධ්‍යාපනයේ ගුණාත්මක වාසි හිමිවෙලා නෑ. ඒක දරුවන්ගේ වරදක් නෙමේ. පන්ති කාමරයේ වගේම ගුරුවරයා හිටගෙන උගන්නගෙන උගන්නගෙන යන එකෙන් දරුවාගේ මනසට නිසිලෙස දැනුම, අවබෝධය ලැබෙන්නේ නෑ. සාම්ප්‍රදායික නීරස, යල් පැන ගිය ඉගැන්වීම් ක්‍රමවේදය තමා අපේ දෙවෙනි ප්‍රශ්නයට හේතුව. වරද එයයි.

එඩිර ටියුටර් එම වරද නිවැරදි කරල තියෙනවා. කොරෝනා එන්න බොහෝ කලකට පෙර සිටම ලෝකයේ වෙනත් රටවල් දියුණු තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් දරුවන් සඳහා මාර්ගගත අධ්‍යාපන වැඩ සටහන් ලබා දෙනවා. අපේ රටේ ඉතාම අතලොස්සක් වූ දරුවන් පිරිසකට පමණක් අධික මිලක් ගෙවලා, ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා.

අන්තර්ජාතික ප්‍රමිතියේ ඉගැන්නුම් කලාව

ඇත්තෙන්ම මෙම පාඩම් නවීන අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව සකස් කරපු ඉහළ ගුණාත්මක පාඩම්වන අතර එයින් දරුවාට ලැබෙන දැනුම හා එම දැනුම මනසට කාවදින ආකාරය බොහෝ ප්‍රතිඵල දායකයි. එඩිර ටියුටර් විසින් සිදු කරන්නේ එකී සීමාන්තික අන්තර්ජාතික ප්‍රමිතියේ ඉගැන්නුම් කලාව ශ්‍රී ලාංකේය ජන සමාජයට දායාද කිරීමයි.

කළු ලෑල්ලේ, ස්මාර්ට් බෝර්ඩ් එකේ ලිවීම වෙනුවට හැම විෂය කරුණක්ම රූප, විඩියෝ හා සජීවිකරණ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතයෙන් දරුවගේ මනසට ඇතුළු කරනවා. එහි විචිත්‍රවත් හා ආකර්ෂණීය සංස්කරණය නිසා නීරස විෂය මාතෘකා පවා ඉතා රසවත් වෙනවා.

සෑම පාඩමක් පසුබිමෙහි ම ඇල්ෆා තරංග (Alpha Wave) සංගීත රාවයක් ඇති නිසා පාඩම නරඹන වේලාව තුළ මානසික ඒකග්‍රතාවය හොඳින් පවත්වාගන්න උදව් වෙනවා.

ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය

අනෙක් ප්‍රධානතම කරුණ තමා මෙම පාඩම් සැකසෙන්නේ LMS එකක් මතයි. එනම් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් මතයි. මෙම පද්ධති ලෝකයේ ඉහළ පෙලේ විශ්වවිද්‍යාල, ලංකාවේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන භාවිත කරනවා. ඉතිං මේ ක්‍රමවේදයට පුරුදුවෙලා සමාන්‍ය පෙළ, උසස් පෙළ ඉවර කරලා අන්තර්ජාතික මාර්ගගත පාඨමාලාවන් හැදෑරීම පවා දරුවන්ට පසුකාලීනව ඉතා පහසු වෙනවා.

මෙම ක්‍රමවේදයේ දී දීර්ඝ පාඩම් කුඩා කොටස් කිහිපයකට (අනුමාතෘකා අනුව) කැඩෙනවා. මෙම එක් එක් කොටසට අදාලව ප්‍රශ්නාවලි හෝ ක්‍රියාකාරකම් ලැබෙනවා. පිළිවෙලින් එම කොටස් ආවරණය කළ යුතු අතර කිසිම කොටසක් මඟ හරිමින් ඊළග කොටසට යන්නට බෑ. එම නිසා දරුවෙක් පාඩමක් ඉවර කරන්නේ සම්පුර්ණයෙන්ම අදාළ විෂය කරුණු අධ්‍යයනය කර අවබෝධ කර ගනිමිනුයි.

තවත් වැදගත් කරුණක් තමා, මෙම පාඩමක් එක් වරක් මිල දී ගත්තම පාසල් වසරක් පුරාවට ඕනතරම් වාර ප්‍රමාණයක් අධ්‍යයනය කරන්න පුඵවන්. පාඩම සිය පාරක් වුණත් බලා විෂය කරුණු මනසට දාගෙන විභාගයට නොබියව මුහුණ දෙන්න පුඵවන්. ඒ වගේම උදේ, දවල්, රාත්‍රී ගෙදර ඉදන් හරි දුර ගමනක් ගිහින් හරි ඕනෑම ස්ථානයක සිට දරුවට පහසු වේලාවක් වෙන් කරගෙන පාඩම් අධ්‍යයනය කරන්න පුඵවන්. ගමන් බිමන් නිසා පාරට ගතවන කාලය, වියදම් හැමදේම ඉතුරු කරන් වේලාවට කාලා, සෙල්ලම් කරලා, ප්‍රබෝධමත්ව එඩිර ටියුටර් සමඟ විෂය කරුණු රස විදින්න පුඵවන්. කට පාඩම් කරන්න මහන්සි වෙන්න ඕන නෑ. ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් නිසා නීරස, අමාරුම විෂය කරුණු පවා දරුවා පහසුවෙන් අවබෝධ කරගන්නවා.

ඕනෑම වේලාවක (Progress) එක බලාගන්න පුවන්. ඒ වගේම අවසන් ප්‍රශ්නාවලියේ ලකුණු ප්‍රමාණය දෙමාපියන්ගේ විද්‍යුත් තැපෑලට ලැබෙනවා. ඉතිං දරුවව ගෙදර තියලා පාඩම් කරන්න කියලා රාජකාරියට ඇවිත් සැනසීමේ වැඩ කරන්න පුඵවන්. දරුවට කාලය කා දමමින් හෝ විවිධ සමාජ මාධ්‍යවල සැරිසරමින් දවස ගෙවන්න බෑ. මොකද දරුවා දන්නවා අම්මා, තාත්තා ගෙදර ඇවිත් බැලුවම තමන් කරපු වැඩ ප්‍රමාණය දැනගන්න පුඵවන් කියලා.

ඉස්කෝලේ පාඩම පටන් ගන්න කලින් ගෙදර සිටම පාඩම ආවරණය කරල ගියාම, දරුවට පාසලේ, පන්තියේ දක්ෂ, අදක්ෂ කියලා භේදයක් නොමැතිව කොන් නොවී දීප්තිමත් ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්.

අවසන් වශයෙන් එඩිර ටියුටර් නිසා වර්තමාන ආර්ථික ප්‍රශ්නයෙන් පීඩනයට ලක්වන දෙමාපියන්ට මහත් සහනයක් සැලසෙනවා. අධ්‍යාපනය සැමට සම ලෙස හිමිවිය යුතු අයිතියක් බැවින්, එඩිර ටියුටර් මෙකී සමාජ යුතුකමට වගවේ. එම නිසා මෙම එක් පාඩමක මිල රු. 100 ක් පමණයි. එය සැබවින්ම ඇඳහිය නොහැකි මිලකි. රු. 100 යේ වටිනාකම කුමක් ද යැයි ප්‍රශ්න කෙරෙන කාලයක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාලතම ආයෝජනය රු. 100 ක් බවට පත් වේ.

හිතන්න එක් දරුවෙක් ඉන්න පවුලක එක් විෂයකට මසකට අවම රු. 1000 ක් වත් වියදම් කරනවා. ඒ කියන්නෙ වසරකට රු. 12,000 ක්. හිතන්න විෂයන් කිහිපයකට? දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුලකට? තත්ත්වය ඉතාම බරපතලයි.

දැන් බලමු එඩිර ටියුටර් එක්ක දෙමාව්පියන්ට ලැබෙන සහනය. බොහෝ දුරට එක් විෂයකට පාඩම් 15 ක් 20 ක් හෝ 25 ක් පමණයි තිබෙන්නේ. එඩිර ටියුටර් නිසා වසරකට වියදම් වන්නේ 1500 ක්, 2500 ක් පමණයි. අනෙක ප්‍රවාහනයට යන වියදමත් ඉතුරුයි. ඒ කියන්නේ වසරකට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැය කරන මුදල 90% කට වැඩිය ඉතිරියි.

දැනුම බෙදා හරින්න!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *