පසුගිය වසංගත කාලයේ ප්‍රොක්ටෝරියෝ (Proctorio) නම් මාර්ගගත විභාග (Online Exam) වංචා නැවතීමේ මෘදුකාංගයක් ලොව පුරා අළෙවි විය. ඇත්තටම වංචා නවතන මෘදුකාංගයටත් වංචා කළ හැකිද පිළිබඳ පරීක්‍ෂකයින් කණ්ඩායමක් රසවත් අධ්‍යනයක නිරත වුනා. මේ එම අධ්‍යයනය පිළිබඳ කෙටි වාර්ථාවයි.

ප්‍රොක්ටෝරියෝ (Proctorio) නම් මෙම මෘදුකාංගය පිළිබඳව ඉතා සාධනීය හා ඉහළ සහතිකයක් එම ආයතනය විසින් ලබා දී තිබෙනවා. ඒ අනුව යමෙකුට හැඟෙන්නේ මෙම මෘදුකාංගය නිසා යළි කිසිවෙකුටත් මාර්ගගත විභායකදී කිසිදා වංචාවක් සිදු කරන්න බැරි බවයි. නමුත් ඇත්තටම එම ආයතනයේ පුරාජේරුව පසෙකලා විභාග වංචා සිදු කිරීම ඉතා පහසු බවට මතයක් බිහි විය. ඒ අනුව මේ පිළිබඳව පාලිත පරීක්‍ෂණ තත්ව යටතේ පැවති අධ්‍යනයකින් ඔප්පු වූයේ වංචා වැලක්වීමේ මෙම මෘදුකාංගයද වංචාවට ලක් කළ හැකි බවයි.

මෙම පරීක්‍ෂණාත්මක අධ්‍යනය සිදුකරන ලද්දේ නෙදර්ලන්තයේ ටුවෙන්ටේ විශ්වවිද්‍යාලය (University of Twente, Netherlands) විසිණි. ඔවුන් මෙම අධ්‍යනය අවසානයේ පවසා සිටියේ “මෙම මෘදුකාංගයේ යම් සාධනීය බලපෑමක් ඇත. නමුත් ඒ මෙම මෘදුකාංගය වැඩ කරන නිසා නොව, එය වැඩ කරනවා ඇතැයි විශ්වාස කරන නිසාය” යනුවෙනි.

ප්‍රොක්ටෝරියෝ මෘදුකාංගය භාවිතයේදී සිසුන් විසින් එම යෙදවුම පරිගණකයේ ස්ථාපනය කරගත යුතු අතර එය විවෘත කරගෙන මාර්ගගත විභාගයට මුහුණ දිය යුතුය. එහිදී මෙම යෙදවුම මඟින් සෑම විටම සිසුවාගේ ඇස් හා ශාරීරයේ චලනයන් අධ්‍යනය කරයි. කිසිදු මනුෂ්‍ය මැදිහත්වීමකින් තොරව මෙම යෙදවුම විසින් සිසුවාගේ සැක කටයුතු අංග චලනයක් හෝ අවට ශබ්දයක් ඇසුණු විට එය සැක කටයුතු බව සලකුණු කරයි, එනම් වංචාවක් සිදුවන බව සැක කරමින් ඒ බව වාර්ථා කිරීමක් සිද්ද වේ.

පළමු වතාවට 2021 අප්‍රේල් මස පැවති 13 වන පරිගණක ආධාරක අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වේද යන්න සොයා බැලීය. ඒ සඳහා ඔවුන් පරීක්‍ෂණාත්මක අධ්‍යනයක් සිදුකර තිබූ අතර එයට විශ්වවිද්‍යාල සිසුන් 30 දෙනෙකු ස්වෙඡ්ඡාවෙන් බඳවා ගන්නා ලදී. එම සිසුන්ගෙන් 6 දෙනෙකු තෝරා මෙම මෘදුකාංගය ඔස්සේ පවත්වනු ලබන විභාගයේදී කෙසේ හෝ තමන්ගේ උපරිම උත්සහයෙන් විභාග වංචා සිදුකරන මෙන් උපදෙස් දුන්නා. තවත් සිසුන් 5 දෙනෙකුට සැක සහිත ලෙස හැසිරීමට උපදෙස් ලබා දුන්නා. අනෙක් පිරිස සාමාන්‍ය පරිදි නිවැරදිව විභාගයට මුහුණ දුන්නා.

ප්‍රතිඵල පැමිණි පසුව තහවුරු වූයේ ප්‍රොක්ටෝරියෝ වංචාකාරයින් ඇල්ලීමට හොඳ නැති බවත් එයට වංචා කිරීම ඉතාම පහසු පවත්ය. සිතා මතා වංචා සිදුකළ තෝරාගත් 6 දෙනාගෙන් කිසිවෙකුත් සැක කටයුතු බව වාර්ථාකර තිබුනේ නැත. මෙම හය දෙනා අතරින් එක් සිසුවෙක් අතථ්‍ය යන්ත්‍ර ක්‍රමය භාවිත කළ අතර එය මෙම මෘදුකාංගයේ වඩාත් ප්‍රසිද්ධම දුර්වලතාවයයි. තවත් අයෙක් දුරකථන ඇමතුමක දිගටම රැදී සිටිමන් උත්තර සපයා තිබූ අතර ඔහුගේ එම ශබ්දය සැකකටයුතු නොවූ නමුත් වට පිට ශබ්ද බහුල ස්ථානවල සිටි වෙනත් නිවැරදි සිසුන් කීප දෙනෙකුම සැකයට භාජනය වී වාර්ථ කොට තිබුණි.

මේත් සමඟ සිසුන් 30 දෙනාගේ විභාගය නිරීක්‍ෂණයට එක් නිලධාරියෙකුද අධ්‍යයනය යටතේ යොදවා තිබිණි. ඔහුට වංචා සිදුකළ සිසුන් 6 දෙනාගෙන් එක් සිසුවෙකු වංචා සිදුකරන බවට හඳුන ගැනීමට හැකි විය. කෙසේ හෝ සමස්ථයක් ලෙස මෙම මෘදුකාංගය වංචා කිරීම් හඳුනා ගැනීමට අපොහොසත් බව පැහැඳිලි විය.

මෙම අධ්‍යයන පිළිබඳ මෘදුකාංග ආයතනය විවිධ අදහස් පලකරන නමුත් ප්‍රායෝගිකව මහ පොළොවේ යථාර්තයක් ලෙස මෙම යෙදවුම අසමත් වී ඇත. සිසුන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ අන්කර්ජාල ප්‍රතිපත්ති ආදී බාධක නිසා ගැඹුරු ලෙස වංචා දූෂණයට එරෙහි යෙදවුමක් නිර්මාණය කිරීමේ ගැටළු ආදිය ඉදිරිපත් වුවද ආයතනය සඳහන් කරන පිළිගත හැකි එක් මතයක්නම් සිසුන්ට විවිධ දැනුම මැනීමේ ක්‍රම, විභාග ක්‍රම හා සම්ප්‍රදායික නොවූ ප්‍රශ්නාවලි ක්‍රම සෙවීම වඩාත් සාර්තක බවයි.

කෙසේ හෝ අවසන පැහැඳිලි වන්නේ වංචා වැලැක්වීමට සමත්වන්නේ තම තමන්ට අවංක වීමෙන් පමණක් බවයි. අධ්‍යාපනික දැනුම මෙන්ම ගුණ ගරුක, ස්වං විනයක් ඇති සිසු දරුවන් පිරිසක් බිහි කිරීම, වංචා විරෝධි මෘදුකාංග සැදීමට වඩා පහසු හා තිරසාර වනු ඇත.

දැනුම බෙදා හරින්න!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *