වට ප්‍රස්තාර මගින් දත්ත නිරූපණය

පාසලක 10 ශ්‍රේණියේ සිසුන්ගෙන් ක්‍රිකට්, වොලිබෝල් සහ එල්ලේ යන ක්‍රීඩා අතරින් ඔවුන් වඩාත්ම කැමැති ක්‍රීඩාව පිළිබඳව විමසා රැස් කර ගත් තොරතුරු පහත දැක්වේ.

ඉහත තොරතුරු චිත්‍ර ප්‍රස්තාරයකින් සහ තීර ප්‍රස්තාරයකින් පහත ආකාරවලට නිරූපණය කරන අයුරු ඔබ මීට පෙර ඉගෙන ගෙන ඇත.

එක් එක් ක්‍රීඩාවට කැමති සිසුන් සංඛ්‍යාව තීර ප්‍රස්තාරයෙහි තීරවල උසින් දැක්වේ. චිත්‍ර ප්‍රස්තාරයෙහි එය දැක්වෙන්නේ රූප මගිනි.
චිත්‍ර ප්‍රස්තාර සහ තීර ප්‍රස්තාර මෙන් ම දත්ත නිරූපණය කරන තවත් ක්‍රමයකි, වට ප්‍රස්තාර. ඒවා වෘත්ත ප්‍රස්තාර යනුවෙන් ද හැඳින්වේ.
වට ප්‍රස්තාර මගින් දත්ත නිරූපණය කිරීමේ දී මුළු දත්ත සංඛ්‍යාව වෘත්තයක සම්පූර්ණ ප්‍රදේශයෙන් (වර්ගඵලයෙන්) දැක්වෙයි. සංඛ්‍යාත දැක්වෙන්නේ සුදුසු කේන්ද්‍රික ඛණ්ඩ මගිනි. එම කේන්ද්‍රික ඛණ්ඩ සොයන අයුරු දැන් සලකා බලමු.

නිදසුනක් ලෙස සමාන කේන්ද්‍රික ඛණ්ඩ 8කට වෙන් කර ඇති ඉහත රූපයේ දැක්වෙන වෘත්තය සලකමු.
එක් කොටසක වර්ගඵලය වෘත්තයේ වර්ගඵලයෙන් 1/8 කි. එවිට කේන්ද්‍රය වටා ඇති කෝණය ද සමාන කොටස් 8කට වෙන් වේ.
ලක්ෂ්‍යයක් වටා කෝණය 3600 ක් නිසා එක් කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය එනම් කේන්ද්‍ර කෝණය, කේන්ද්‍රය වටා ඇති කෝණයෙන් 1/8 කි. එනම් 3600 ක් න් 1/8 කි.

දැන්, ඉහත වගුවේ දී ඇති දත්ත දැක්වීමට සුදුසු වට ප්‍රස්තාරයක් අඳිමු.
මුලින්ම සුදුසු අරයක් සහිත (සෙන්ටිමීටර 3ක් පමණ සෑහේ) වෘත්තයක් අඳිමු.

එම වෘත්තයේ කේන්ද්‍රය වටා කෝණය වන 3600 ට අනුරූප වර්ගඵලය වන වෘත්තයේ මුළු වර්ගඵලයෙන් සිසුන් 60 දෙනා දක්වමු.

දැන් එය මෙසේ වෘත්තය තුළ දක්වමු.

වෘත්තයේ ඉතිරි වෘත්ත ඛණ්ඩයෙන් එල්ලේ ක්‍රීඩාවට කැමති සිසුන් නිරූපණය වේ. එයට අනුරූප කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 3600 x 15/60 ලෙස සෙවිය හැකි වුවත් එසේ සෙවීම අනවශ්‍ය ය. ඉතිරි කෝණයේ අගය එයට සමාන විය යුතු ය. මෙම කරුණු සියල්ල පහත ආකාරයේ වට ප්‍රස්තාරයකින් දැක්විය හැකි ය.

වට ප්‍රස්තාරයක සාමාන්‍යයෙන් කෝණ අගය දෙනු නොලබන අතර එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයෙන් නිරූපිත අගය ප්‍රතිශත ලෙස දෙනු ලැබේ.

කේන්ද්‍රික ඛණ්ඩ වෙනස් වර්ණවලින් හෝ රටාවලින් දැක්වීමෙන් දත්ත සැසඳීම පහසු වේ. එකම වෘත්තයක දත්ත නිරූපණය වන බැවින් වඩා අඩු, වඩා වැඩි ආදී වශයෙන් සැසඳීමට පහසු ය.

නිදසුන 1

පුද්ගලයින් 600 දෙනෙකු සහභාගි වූ ශ්‍රමදානයක දී දිවා ආහාරය ලබා දීම සඳහා තමන් වඩාත් කැමති ව්‍යංජන වර්ගය පිළිබඳ ව විමසා ලබා ගත් තොරතුරු පහත දැක්වේ.

ඉහත තොරතුරු වට ප්‍රස්තාරයකින් දක්වමු.

එළවළු ආහාරයට ගන්නා පුද්ගලයන්, වට ප්‍රස්තාරයේ ඉතිරි කොටසින් ලැබෙන නිසා ඉහත ආකාරයට ගණනය කිරීම අනවශ්‍යය. ඉහත දැක්වූ තොරතුරු අනුව සැකසූ වට ප්‍රස්තාරය පහත දැක්වේ.