ඩිජිටල් අවකාශය තුළ කටයුතු කරන  අධ්‍යයතන මානව වර්ගයා  දසලක්ෂ සංඛ්‍යාත තොරතුරු සමුදායක අතරමංවී සිටිති. අසත්‍ය තුළ සැගවී ඇති සත්‍ය අවබෝධ කරගැනීමට නොහැකිවීම මෙම අතරමංවීමට හේතුවයි. අසත්‍යයෙන් සත්‍ය වෙන්කර අවබෝධ කරගැනීම සදහා වූ විවේචනාත්මක චින්තන කුසලතා නොමැතිවීම සත්‍ය තොරතුරු මත පදනම් වූ චින්තන අවකාශයක් ඇති නොවීමට හේතු වී තිබේ. අසත්‍ය තොරතුරු මත පදනම් වූ සමාජ නොමග යැවීම බහුලව සිදුවන ප්‍රවාහය වන්නේ සමාජ මාධ්‍ය අවකාශයයි. ෆේස්බුක් එහි මුල්තැන ගෙන තිබේ.

USC Marshall school of Business සහ USC Dornsife College of Letters, Art and Science ඒකාබද්ධව සිදුකළ පර්යේෂණයකදී අනාවරණ වී ඇත්තේ, සමාජ මාධ්‍ය තුළින් ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි පැතිකඩ පරිශීලකයින්ගෙන් ගිලිහී ගොස් ඇති බවයි. විශේෂයෙන් සංවේදී ලෙස ඉදිරිපත් කරන ඕනෑම දෙයක් කෙරෙහි පරිශීලකයින් ආකර්ෂණය වන ප්‍රබල තත්ත්වයක් පවතින බවයි. එකී ස්වභාවය විසින් සමාජ මාධ්‍ය පරිශීලකයින් ග්‍රහණයට නතු කරගෙන ඇති අතර, එම තත්ත්වය ව්‍යාජ තොරතුරු බෙදාහරින්නන් බවට පරිශීලකයින්ම පත්කර ගැනීමට හේතු වී තිබේ. ඇතැම් විට මෙම තත්ත්වය පිළිබද පරිශීලකයින්ද නොදැන සිටිනවා විය හැකිය. එමෙන්ම අවධානය යොමු විය යුතුම කාරණය වන්නේ අසත්‍ය තොරතුරු බෙදා හැරීමට පරිශීලකයින් තුළ ඉතා ප්‍රබල මනෝමය තත්ත්වයක් ඇති කිරීමයි. එය ක්ෂණිකව ක්‍රියාවලියක් වන අතර, සාමාන්‍ය වශයෙන් මෙය මිනිසාට තේරුම් ගැනීමද ඉතා අපහසු වී තිබේ. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ඉතා ප්‍රබලම හා භයානක තත්ත්වයද මෙයයි.

සමාජ මාධ්‍ය තුළ බහුලව ව්‍යාප්ත වන්නේ කුමක්ද ? එය සත්‍ය අසත්‍ය ලෙස වටහා ගැනීමේ ප්‍රබලතාව අවධානයට ලක්විය යුතු තවත් කාරණයකි. ඉහත පර්යේෂණයෙන් අනාවරණ වී ඇත්තේ, අධ්‍යාපනය, දේශපාලනය, ආර්ථික හා සාමාජීය කාරණා ඇතුළු සමස්ථ පද්ධතියටම මෙම කාරණය අදාළ වන බවයි. අසත්‍යයට පිළිගැනීමක් ලැබීම තුළ සත්‍ය යටපත් කරන තත්ත්වයක් නිර්මාණයවීම ලෝක අයහපතට හේතුවන බව මෙමගින් අනාවරණ වෙයි. මේ අනුව පෙනී යන්නේ අසත්‍ය තොරතුරු බෙදා හැරීම හා පිළිගැනීම පුරුද්දක් බවට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරමින් මනෝ විද්‍යාව පිළිබද විශේෂඥයෙකු වන මහාචාර්ය වෙන්ඩි  වුඩ් (Wendy wood) පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු සංසරණය වීම සමාජ මාධ්‍ය ව්‍යුහයේම කාර්යයක් වන බවයි. අසත්‍ය තොරතුරු ව්‍යාප්තිය පිළිබද පරිශීලකයින්ටම දොස් පැවැරීම සාධාරණය නොවන බව ඔහුගේ පැහැදිලි කිරීමෙන් අවබෝධ කරගත හැකිය.

දේශපාලන වශයෙන් සත්‍ය තොරතුරු කොතරම් තිබුණත්, පක්ෂග්‍රාහී හා නිර්මාණාත්මක මතවාද පදනම් කරගනිමින් විවිධ තොරතුරු සමාජ මාධ්‍ය අවකාශය තුළ සංසරණය වෙමින් තිබේ. මේ තත්ත්වය මිනිසුන් නොමග යැවීමට හේතුවන අතර, අසත්‍ය, සත්‍ය ලෙස පිළිගනිමින් කටයුතු කරන සමාජයක් බිහිකිරීමට හේතු වී තිබේ. මෙහි ප්‍රතිවිපාකය ඉතා භයානක විය හැකිය.

මෙහිදී අවධානයට ලක්වූ තවත් කාරණයක් තිබේ. එනම් අසත්‍ය තොරතුරු පළකිරීමේ පුරුදු වර්ධනය වීමට හේතුව කුමක්ද යන්නයි. මෙහිදී අනාවරණ වී ඇත්තේ, කිසියම් පණිවුඩයක සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට පරිශීලකයින් උනන්දුවක් නොදක්වන බවයි. අදාළ තොරතුරු පිළිබද සංවේදී නොවීම තවත් කාරණයකි. දේශපාලනිකව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ අසමගිය වර්ධනය කරන හා විශ්වාසයට අභියෝග කරන තොරතුරු බෙදා ගැනීමේ ප්‍රවනතාව ඉහළ අගයක් ගන්නා බවයි. අසත්‍ය‌ තොරතුරු බෙදා හැරීම දක්වා පරිශීලකයින් පෙළඹෙන්නේ ඇයිද යන කාරණය හදුනාගැනීම පවා ඉතා අපහසු කාරණයක් වී තිබේ.

කෙසේ වෙතත් පරිශීලකයින් පෙන්වා දෙන්නේ වැරදි තොරතුරු හා අසත්‍ය පණීවුඩ බෙදාගැනීමේ  (share) පුරුද්ද පාලනය කිරීමට හෝ වැලැක්වීමට අපහසු කාරණයක් නොවන බවයි. සත්‍යවාදී තොරතුරු සහිත අන්තර්ගතයන් බෙදාගැනීම සදහා පරිශීලකයින් දිරිමත් කළ හැකි අතර, වැරදි තොරතුරු සංඛ්‍යාත්මකව අඩු කිරීමට වහාම ක්‍රියාත්මක විය යුතුය. ඒ සදහා USC Marshall school of Business සහ  USC Dornsife College of Letters, Art and Science පර්යේෂකයින් කණ්ඩායම යෝජනා කර ඇත්තේ, අන්තර්ජාලය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි පුළුල් ක්‍රියාවලියකට අවතීර්ණ විය යුතු බවයි. සමාජ මාධ්‍ය පද්ධතිවල තොරතුරු වඩාත් මධ්‍යස්ථ කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍යය කරන බවද පැහැදිලිවන කාරණයකි. එසේ නොවන්නේ නම් දේශපාලන, සෞඛ්‍ය, සමාජිීය හා ආර්ථික ඇතුළු සියළු කාරණා බරපතල ප්‍රතිවිපාකවලට ගොදුරුවීම ඒකාන්ත කාරණයක් බවට පරිවර්තනය වීමට ඉඩ තිබෙන බව අවධාරණයෙන් පැවැසිය යුතුය.   

  • අසත්‍ය තොරතුරු මත පදනම් වූ සමාජ නොමග යැවීම බහුලව සිදුවන ප්‍රවාහය වන්නේ සමාජ මාධ්‍ය අවකාශයයි.
  • පර්යේෂණයකදී අනාවරණ වී ඇත්තේ, සමාජ මාධ්‍ය තුළින් ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි පැතිකඩ පරිශීලකයින්ගෙන් ගිලිහී ගොස් ඇති බවයි.
  • අවධානය යොමු විය යුතුම කාරණය වන්නේ අසත්‍ය තොරතුරු බෙදා හැරීමට පරිශීලකයින් තුළ ඉතා ප්‍රබල මනෝමය තත්ත්වයක් ඇති කිරීමයි.
  • අසත්‍යයට පිළිගැනීමක් ලැබීම තුළ සත්‍ය යටපත් කරන තත්ත්වයක් නිර්මාණයවීමට සමාජ මාධ්‍ය හේතු වී තිබේ.
  • මනෝ විද්‍යාව පිළිබද විශේෂඥයෙකු වන මහාචාර්ය වෙන්ඩි  වුඩ් (Wendy wood) පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු සංසරණය වීම සමාජ මාධ්‍ය ව්‍යුහයේම කාර්යයක් වන බවයි.
  • අසත්‍ය, සත්‍ය ලෙස පිළිගනිමින් කටයුතු කරන සමාජයක් බිහිකිරීමට සමාජ මාධ්‍ය හේතු වී ඇති අතර, මෙහි ප්‍රතිවිපාකය ඉතා භයානක විය හැකිය.
  • කිසියම් පණිවුඩයක සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට පරිශීලකයින් උනන්දුවක් නොදක්වන තත්ත්වයක් පැවැතීම සමාජ මාධ්‍ය මෙතරම් බරපතල වීමට හේතු වී ඇති එක් කාරණයකි.
  • සත්‍යවාදී තොරතුරු සහිත අන්තර්ගතයන් බෙදාගැනීම සදහා පරිශීලකයින් දිරිමත් කළ යුතු බවද, වැරදි තොරතුරු සංඛ්‍යාත්මකව අඩු කිරීමට වහාම ක්‍රියාත්මක විය යුතු බවද සමාජ මාධ්‍ය පර්යේෂකයින් යෝජනා කර තිබේ.
  • සමාජ මාධ්‍ය පද්ධතිවල තොරතුරු වඩාත් මධ්‍යස්ථ කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍යය කරන බව පර්යේෂකයින් පෙන්වාදී ඇති තවත් කාාරණයකි.
දැනුම බෙදා හරින්න!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *