ලන්දේසීන්ගේ මව් රට ඕලන්දය හෙවත් නෙදර්ලන්තයයි. 16 වන සියවස වන විට යුරෝපා රටවල් දේශ ගවේෂණ කටයුතු වලට යොමු වූ අතර පෙරමුණේ සිටියේ පෘතුගාලය හා ස්පාඤ්ඤය වේ. 16 වන සියවස වන විට ඕලන්දය ස්පාඤ්ඤයේ යටත් විජිතයකි. ස්පාඤ්ඤයන්ගේ ආගම රෝමානු කතෝලික ආගම වූ අතර ඕලන්දයේ ආගම වූයේ ක්රිස්තියානි ආගමයි. ආගමික වශයෙන් ද මේ දෙපිරිස අතර මත ගැටුම් පැවති හෙයින් ලන්දේසීන් (ඕලන්දය) ස්පාඤ්ඤයට එරෙහිව නිදහස් සටනක් ආරම්භ කර තිබුණි.