පහත ගාථාව ඔබ මීට පෙර සා ඇතිද? හොඳින් බලන්න. මෙය සත්සති වන්දනා ගාථාව නම් වේ.
පඨමං බෝධි පල්ලංකං - දුතියං ච අනිම්මිසං තතියං චංකමණං සෙට්ඨං - චතුත්ථං රතනාඝරං පංචමං අජපාලංච - මුචලින්දේන ඡට්ඨමං සත්තමං රාජායතනං - වන්දේතං මුනි සේවිතං
අප බෝධිසත්ත්වයන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක. ඉන් පසු සති හතක් ජය ශ්රී මහා බෝධීන් වහන්සේ ඇසුරු කරමින් ගත කළ සේක. එම සත් සතිය තුළ වැඩ සිටි ස්ථාන හා එම කාලය තුළ සිදු වූ අසිරිමත් සිදුවීම් මෙම පාඩමේදී සවිස්තරාත්මකව ඉගෙන ගනිමු.