ජෛව ලෝකයේ අසිරිය

 පරිසරය යනු අප ඇතුළු ව අපේ වටාපිටාවයි. පරිසරය විවිධ දේ වලින් සමන්විත ය. ගොඩබිම, ජලාශ, නිවාස, ශාක හා සතුන් අපේ පරිසරයට අයත් කොටස් කිහිපයකි.

 පරිසරයෙහි අඩංගු සමහර දෑ වර්ධනය වන බවත් සමහර දෑ වර්ධනය නොවන බවත් පැහැදිලි වේ.

 වර්ධනය වන දෑ යටතේ ඇති උදාහරණ දෙස විමසිලිමත්ව බලන්න. ඒවා සියල්ල පණ ඇති දේවල් ය.
       එවැනි දෑ ජීවීන් ලෙස හැඳින්වේ.

 වර්ධනය නොවන දෑ යටතේ ඇති සියල්ල පණ නැති දේවල් ය.
       එවැනි දෑ අජීවී ද්‍රව්‍ය ලෙස හැඳින්වේ.

ජීවීන් වර්ධනය වේ. අජීවී ද්‍රව්‍ය වර්ධනය නොවේ.

 පරිසරයේ ඇති දෑ ජිවීන් හා අජිවී ද්‍රව්‍ය ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කළ හැකි ය.
      ශාක
       සතුන්

 ජල සාම්පලයක් ගෙන අණ්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට, එහි ඉතා කුඩා ජීවීන් සිටින බව නිරීක්ෂණය කළ හැකි වේ.

මෙසේ පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් ක්‍ෂුද්‍ර ජීවීන් ලෙස හැඳින්වේ.