ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන පරිසර හා උපස්තර

 පෘථිවිය මත අනෙකුත් ජීවීන් ජීවත් වන සියලු ම පරිසර පද්ධතිවල ක්ෂුද්‍ර ජීවීහු ජීවත් වෙති.
පසෙහි, ජලයෙහි මෙන් ම වායුගෝලයේ කිලෝමීටර හයක් පමණ ඉහළට යන තෙක් ම ක්ෂුද්‍ර ජීවී ලෝකය පැතිර පවතී.
 ශාක හා සත්ත්ව දේහ මතුපිට මෙන් ම, දේහ අභ්‍යන්තරයේ පවා ක්ෂුද්‍ර ජීවීහු ජීවත් වෙති.
මාස්, මාළු, එළවළු, පලතුරු, මිනිසාගේ සම, මුඛය, ආහාර මාර්ගය සහ මෞත්‍ර ලිංගික මාර්ගය ආදිය   ක්ෂුද්‍ර ජීවීන් වැඩෙන සුවිශේෂි උපස්තර ලෙස සැලකිය හැකි ය.
 බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසු හෙවත් ආන්තික පරිසර තත්ත්ව යටතේ ද ක්ෂුද්‍ර ජීවීහු ජීවත් වෙති.
 එබඳු පරිසර ලෙස උණුදිය උල්පත්, ලවණ වගුරු, පෙට්‍රල් හා ඩීසල් ආදිය දැක්විය හැකි ය.