කර්මාන්ත සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම

"ආර්ථික ප්‍රතිලාභ සහ පර්යේෂණ කටයුතු සඳහා විවිධ ක්ෂුද්‍ර ජීවී මාදිලි භාවිත කරයි.
ආර්ථික වාසි ලබා ගැනීම සඳහා ක්ෂුද්‍ර ජීවීන් විවිධ කර්මාන්ත සඳහා භාවිත කිරීම,
කාර්මික ක්ෂුද්‍ර ජීව විද්‍යාව (Industrial Microbiology) ලෙස හැඳින්වේ."

 පහත සඳහන් සුළු පරිමාණ හා මහා පරිමාණ කර්මාන්ත සඳහා ක්ෂුද්‍ර ජීවීන් බහුලව භාවිත කෙරේ.

            කිරි ආශ්‍රිත නිෂ්පාදන (යෝගට්, මුදවන ලද කිරි, චීස්, බටර්)
            ජීවවායු නිපදවීම
            ලෝහ නිස්සාරණය
            ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන
            මද්‍යසාර නිපදවීම
            විනාකිරි නිෂ්පාදනය
            බේකරි කර්මාන්තය

කිරි ආශ්‍රිත නිෂ්පාදන

 එළකිරි සාම්පලය රත් කිරීමේ දී එහි අඩංගු අහිතකර බැක්ටීරියා විනාශ වේ.
Lactobacillus සහ Streptococcus බැක්ටීරියා විශේෂ යෝගට් නිෂ්පාදනයේ දී මුහුම් ලෙස භාවිත කෙරේ.
 මෙම බැක්ටීරියා මගින් කිරිවල ඇති ලැක්ටෝස් නම් වූ කාබෝහයිඩ්‍රේට වර්ගය ලැක්ටික් අම්ලය බවට පත් කරයි.
 ආම්ලික මාධ්‍යයක් පැවතීම නිසා වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය වීම අඩාල වී යෝගට් පරිරක්ෂණය වීම සිදු වේ.
 ශීතකරණයේ තැබීමෙන් තවදුරටත් සිදු වන බැක්ටීරියා ක්‍රියාකාරිත්වය අඩාල වේ.

ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන