පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම

පරිසර දූෂණය අවම කිරීම සඳහා එනම් පරිසර සංරක්ෂණ කටයුතුවල දී ක්ෂුද්‍ර ජීවීන් සුලබව භාවිත කෙරේ. 
පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනෙන තාක්ෂණය ජෛව ප්‍රතිකර්මණය (Bioremediation) ලෙස හැඳින්වේ.

 ජෛව ප්‍රතිකර්මණය භාවිත කරන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
       දූෂිත ජලයේ ඇති කාබනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට ක්ෂුද්‍ර ජීවීන් භාවිත කිරීම.
මෙහි දී ක්ෂුද්‍ර ජීවීන් මගින් දූෂිත ජලයේ ඇති අපද්‍රව්‍ය වියෝජනය කෙරේ.
       සාගර ජලය මත විසිරී යන තෙල් වියෝජනය කිරීම.
මෙහි දී Pseudomonas නම් බැක්ටීරියා ප්‍රභේද සාගර ජලය මත විසුරුවා හරිනු ලැබේ.
එම ක්ෂුද්‍ර ජීවීන් මගින් නිකුත් කරනු ලබන එන්සයිම මගින් තෙල්වල ඇති හයිඩ්‍රොකාබන වියෝජනය කරනු ලබයි.
       විවිධ කර්මාන්තවල දී ක්රෝමියම් (Cr), ඊයම් (Pb), රසදිය (Hg) වැනි බැරලෝහ පරිසරයට මුදා හැරේ.
එවැනි විෂ ලෝහ අඩංගු දූෂිත ජලයෙන් එම ලෝහ ඉවත් කිරීම සඳහා බැක්ටීරියා අඩංගු කුළුණු තුළින් දූෂිත ජලය යවනු ලැබේ.

Cr
Pb
Hg

       බැක්ටීරියා මගින් දිරාපත් වන ප්ලාස්ටික් හෙවත් ජෛව හායනය වන ප්ලාස්ටික් (Bio degradable plastics) නිපදවීම සිදු කරනු ලැබේ.

ජීවවායු නිෂ්පාදනය

 ගොම, පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය හා ජලය අඩංගු මිශ්‍රණයක් ජීවවායුව නිෂ්පාදනය කිරීමට භාවිත කරයි.
 මෙම කාබනික උපස්තර මත Methanococcus වැනි නිර්වායු බැක්ටීරියා ක්‍රියාකර ජීව වායුව නිපදවයි.
 එහි ප්‍රධාන වශයෙන් මෙතේන් වායුව අඩංගු වන අතර බලශක්ති ප්‍රභවයක් ලෙස ද භාවිත කළ හැකි ය.

ලෝහ නිස්සාරණය

 ඇතැම් ලෝපස්වල මිනිසාට ප්‍රයෝජනවත් බොහෝ ලෝහ වර්ග ඉතා අඩු ප්‍රතිශතයකින් අඩංගු වී ඇත.
 එම ලෝපස්වලින් අදාළ ලෝහ නිස්සාරණයට ක්ෂුද්‍ර ජීවීන් භාවිත කිරීම ජෛව ක්ෂීරණය (Bioleaching) ලෙස හැඳින්වේ.
තඹ සහ යුරේනියම් එලෙස නිස්සාරණය කරන ලෝහ වර්ග දෙකකි.

තඹ (Cu)
යුරේනියම් (U)