ජලය ස්වාභාවික සම්පතක් ලෙස

 පරිසරයෙන් අපට ලැබෙන ප්‍රයෝජනවත් ද්‍රව්‍ය සිහිපත් කරන්න.
 ජලයට ඒ අතරින් ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනු ඇත.
 ජලය (Water) යයි කියූ පමණින් ම අපේ මතකයට නැගෙන්නේ ගංගා, ඇළ, දොළ, ළිං, පොකුණු ආදිය යි.
 ඒවායේ අඩංගු වන්නේ ද්‍රව අවස්ථාවේ පවතින ජලයයි.

 ජලය සැමවිට ම පවතින්නේ ද්‍රව අවස්ථාවේ පමණක් ද ?
 ඒ පිළිබඳව සොයා බැලීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි නිරත වෙමු.

 රත් කිරීමේ දී අයිස් ද්‍රව ජලය බවට පත්වන බවත්, තවදුරටත් රත්කිරීමේ දී ද්‍රව ජලය, ජල වාෂ්ප බවටත් පත්වන බව ඉහත ක්‍රියාකාරකමෙහි දී නිරීක්ෂණය කළ හැකි ය.
 මේ අනුව ජලය, අයිස්, ද්‍රව ජලය හා ජල වාෂ්ප ලෙස පිළිවෙලින්
 ඝන, ද්‍රව හා වායු යන භෞතික අවස්ථා තුනෙහි ම පවතින බව පැහැදිලි ය.