හානා හීය පානා අඬහැරෙන් දැනේ

 කිසියම් භාෂාවක් හා බැඳුණු සාහිත්‍යය ඒ ඒ භාෂාව භාවිත කරන සමාජයේ සුලමුල කියාපායි.
 පොතපත කියැවීමෙන් ලත් ශික්ෂණයෙන් යුතු වූ වියත් පඬිවරුන් විසින් ලියන ලද සම්භාව්‍ය ගණයේ සාහිත්‍යයකුත්, ජනයා අතරේ ම ඇති වී ජනයා අතරේ ම ආරක්‍ෂා වී, පැවත එන තවත් ජන කාව්‍ය සාහිත්‍යයකුත් සිංහල භාෂාව හා බැඳී පවතී.
 ශිෂ්ට සම්පන්න මිනිසාගේ හැඟීම් හා ඔවුන්ගේ දිවි පෙවෙත ඇසුරෙන් නිර්මාණය වුණු ජන කවිය ඉතා ඈතට ගිය ඉතිහාසයක් ඇත්තකි.

 පොදුජනයා අතරේ භාවිත වන සරල ජීවන රටාව හා බැඳුණු සිංහල ජන කවියේ විශේෂිත අංගයක් වූ “දැනමුතුකමට කී කවි” හෙවත් “උපදෙස් දීම සඳහා කී කවි” ගණයේලා සැලකෙන ජන කවි කීපයක් මෙම පාඩමෙන් අධ්‍යනය කළ හැක.