කිසියම් ජන කොට්ඨාසයක් අතර කලාන්තරයක් තිස්සේ කටින් කට පැවත එන කතාන්දර, කවි, පිරුළු, රූඪි ආදිය ජනශ්රැතිය ලෙස හැඳින්වෙයි. ජනශ්රැතියෙන් අදාළ ජන කොට්ඨාසයේ ලෝකය පිළිබඳ විශ්වාස සහ දැක්ම නිරූපණය වේ. එමෙන් ම ජන කොට්ඨාසයක ලේඛන ගත නොවූ ඉතිහාසය ජනශ්රැතියක ඇතුළත් විය හැකි ය. ඉතිහාස ග්‍රන්ථවල ඇතුළත් නොවන වැදගත් තොරතුරු ද ඇතැම් විට ජනශ්රැතියෙහි ගැබ් විය හැකි ය. ජන කතාව ජනශ්‍රැතියට අයත් සාහිත්‍යාංගයකි. ගැමි ජනයාගේ ජීවිතයේ ප්‍රකට වන සතුට, ශෝකය මෙන් ම ජීවිතයේ විවිධ සිද්ධි හා අවස්ථා වෙත ඔවුන් විසින් හෙළන ලද උපේක්ෂා සහගත දෘෂ්ටිය ද ජන කතාවල සියුම් ලෙස නිරූපණය වී ඇත. මෙහි එන ජන කතාව විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ ඩී. පී. වික්‍රමසිංහ මහතාගේ මග දිගට ජන කතා’ කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.