නීරෝගි දරුවකු ලෙස මෙලොව එළිය දැක, නව යොවුන් වියේ දී දරුණු ලෙස රෝගාතුර වී ඇවිදීමේ සහ කථා කිරීමේ හැකියාව අහිමි වූ ඔහු මේ කිසිවක් සිය ජීවිතයට බාධා කර ගත්තේ නැත. සැබැවින් ම ඔහුගේ ජීවිත කථාව විස්මයජනක ය; ආදර්ශවත් ය. කුඩා කල පටන් ලෝකයේ පවතින සියල්ල පැහැදිලි කිරීම සඳහා එක් න්‍යායක් සෙවීම සඳහා වෙහෙස වූ සහ පර්යේෂණ කළ ඔහු, සාධාරණ සාපේක්ෂතාවාදය යටතේ න්‍යායාත්මක සංසිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ලොව පිළිගත් නව මත ඉදිරිපත් කිරීමට සමත් විය. ස්ටීවන් හෝකින් කළු කුහරවලින් පිට වන විකිරණය හෙවත් හෝකින් විකිරණය පිළිබඳ න්‍යායාත්මක සාධක රැසක් ඉදිරිපත් කළ විද්වතෙකි. ඔහු පිළිබඳ මේ ලිපිය සම්පාදනය කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය මධුරංග ප්‍රනාන්දු විසිනි.