චුම්බක

7.1 රූපයේ දක්වා ඇති ජලය සහිත වීදුරුව තුළට ඇමුණුම් කටුවක් වැටී ඇත. වීදුරුව තුළට අත හෝ වෙනත් කිසිවක් හෝ නොදමා, වීදුරුවේ ජලය ඉවත් නොකර ඇමුණුම් කටුව පිටතට ගැනීමට ක්‍රමයක් යෝජනා කරන්න. කාන්දම් කැබැල්ලක් භාවිතයෙන් 7.1 රූපයේ දැක්වෙන ආකාරයට ඇමුණුම් කටුව පිටතට ගත හැකි වේ. මෙලෙස ඇමුණුම් කටුව පිටතට ගැනීමට හැකි වූයේ චුම්බකවලට ඇතැම් ද්‍රව්‍ය ආකර්ෂණය කර ගැනීමේ සුවිශේෂ ගුණයක් ඇති බැවිනි.

එදිනෙදා ජීවිතයේ දී අපි පරිහරණය කරන විවිධ භාණ්ඩ සඳහා චුම්බක (ප්ටබැඑ) භාවිත කර ඇත. නිදසුනක් ලෙස කුඩා මෝටර, පැන්සල් පෙට්ටි, ඇතැම් සෙල්ලම් බඩු දැක්විය හැකි ය.

චුම්බකවල බලපෑම

ඇතැම් ද්‍රව්‍ය චුම්බකවලට ආකර්ෂණය (attraction) වන අතර ඇතැම් ද්‍රව්‍ය චුම්බකවලට ආකර්ෂණය නොවන වන බව පැහැදිලි වේ.