එදිනෙදා ජීවිතයේ දී විවිධ ශබ්ද අපට ඇසෙයි. කුරුලු නාදය, ගුවන් විදුලි යන්ත්රයකින් හෝ රූපවාහිනී යන්ත්රයකින් නැගෙන ශබ්දය ඉන් කිහිපයකි. මෙසේ අපට ඇසෙන ශබ්ද පිළිබඳව තව දුරටත් සොයා බැලීමට 11.1 ක්රියාකාරකමෙහි යෙදෙමු.
වියළි කෝෂය ස්පීකරයට සම්බන්ධ කරන අවස්ථාවේ දී පමණක් පොලිස්ටයිරින් කැබලි ඉහළට වීසි වනු දැකිය හැකි ය.
මේ අනුව ස්පීකරයෙන් ශබ්දයක් ඇතිවන අවස්ථාවල දී පමණක් පොලිස්ටයරින් කැබලි ඉහළට වීසි වී යන බව නිරීක්ෂණය කළ හැකි ය. ශබ්දය නිපදවෙන අවස්ථාවල දී පමණක් පොලිස්ටයරින් කැබලි ඉහළට වීසි වන්නේ ස්පීකර කේතුවේ ඇතිවන දෙදරීම හෙවත් ඔබමොබ චලනය හේතුවෙනි. මෙසේ හඬ නිපදවෙන සෑම අවස්ථාවකම සිදුවන ඔබමොබ චලනය කම්පනය ලෙස හඳුන්වයි.
මේ අනුව ශබ්දය හෙවත් ධ්වනිය නිපදවෙන්නේ යම් වස්තූවක් කම්පනය වීමෙන් බව පැහැදිලි වේ.
ශබ්දය නිපදවෙන ආකාරය පිළිබඳ ව තවදුරටත් සොයා බැලීමට 11.2 ක්රියාකාරකමෙහි යෙදෙමු.
සරසුල නාද කර පොලිස්ටයරින් බෝලය සමීපයට ගෙන ආවිට එය යන්තමින් චලනය වන බව නිරීක්ෂණය කළ හැකි වේ. සරසුලේ කම්පන ඇතිවන අවස්ථාවේ දී පමණක් පොලිස්ටයිරින් බෝලයේ චලන ඇතිවන බව පැහැදිලි ය.
අපගේ කට හඬ ඇති වන ආකාරය සොයා බැලිමට 11.3 ක්රියාකාරකමෙහි යෙදෙමු.
සෙමෙන් කතා කරන අවස්ථාවේ දී උගුරෙහි ඇතිවන කම්පන ඇඟිලිවලට දැනේ. ශබ්ද නඟා කතා කිරීමේ දී එම කම්පනය හොඳින් දැනේ. කම්පනයක් දැනෙන්නේ උගුරෙහි ඇති ස්වර තන්ත්ර ලෙස හැඳින්වෙන පටල කම්පනය වීම නිසා ය. මේ අනුව අපේ කටහඬ ඇති වන්නේ කම්පනයක් හේතු කොට ගෙන බව තහවුරු වේ.