ජීවය පවත්වා ගැනීම සඳහා වාතය, ජලය මෙන් ම ආහාර ද අත්‍යවශ්‍ය වේ. 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු දින තුනක් තුළ දී ආහාරවේල් සඳහා ලබා ගත් ආහාර ඇතුළත් වගුවක් (17.1 වගුව) පහත දී ඇත.
ඉහත දක්වා ඇති සටහනෙහි විවිධ ආහාර වර්ග කිහිපයක් අන්තර්ගතව ඇත. එම ආහාර වර්ගවල අඩංගු පෝෂක ඔබට නම් කළ හැකි ද? ආහාරවල සාමාන්‍යයෙන් ප්‍රධාන පෝෂක වර්ග පහක් අඩංගු අතර ඒවා පහත සඳහන් වේ.
● කාබෝහයිඩ්රේට් – Carbohydrates
● ප්‍රෝටීන් – Proteins
● ලිපිඩ – Lipids
● විටමින් – Vitamins
● ඛනිජ ලවණ – Minerals
මීට අතිරේක ව තන්තු හා ජලය යම්කිසි ප්‍රමාණයකින් ආහාරවල අඩංගු වේ. ආහාරවල අඩංගු ප්‍රධාන පෝෂක හා ඒවා අඩංගු ආහාර පිළිබඳ ව විමසා බලමු.
ආහාරවල අඩංගු කාබෝහයිඩ්‍රේට්වලට නිදසුන් ලෙස පිෂ්ටය හා සීනි දැක්විය හැකි ය. කාබෝහයිඩ්රේට් මගින් ශරීරයට අවශ්‍ය ශක්තිය සපයනු ලැබේ.
කාබෝහයිඩ්රේට් බහුල ආහාර වර්ග කිහිපයක් 17.1 රූපයේ දැක්වේ.
කාබෝහයිඩ්රේට් බහුල වෙනත් ආහාර – පිටිවලින් සෑදු ආහාර (ආප්ප, ඉඳිආප්ප) කොස්, අල වර්ග, ධාන්‍ය වර්ග
සත්ත්වමය ආහාර මෙන් ම ඇතැම් ශාකමය ආහාරවල ද ප්‍රෝටීන් අඩංගු වේ. ප්‍රෝටීන් ශරීර වර්ධනය සඳහා අවශ්‍ය වන අතර ගෙවී යන පටක අලුත්වැඩියා කිරීම ද සිදු කරනු ලැබේ.
ප්‍රෝටීන් බහුල ආහාර වර්ග කිහිපයක් 17.2 රූපයේ දැක්වේ.
ප්‍රෝටීන් බහුල වෙනත් ආහාර – දඹල, කඩල, කිරි, පරිප්පු, හත
පෝෂණ සංඝටක අතුරින් ග්‍රෑම් එකකින් වැඩිම ශක්තියක් ලබා දෙනුයේ ලිපිඩ මගිනි. තෙල් හා මේද ලෙස ලිපිඩ කොටස් දෙකකට බෙදිය හැකි ය. තෙල් ද්‍රව ස්වභාවයෙන් යුතු අතර ශාක තුළ බහුල ය.
මේද තරමක ඝන ස්වභාවයෙන් යුතු අතර සතුන් තුළ බහුල ය. ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දීම ලිපිඩවල ප්‍රධාන ම කාර්යභාරය යි. ඇතැම් සතුන්ගේ දේහ තුළ ලිපිඩ බහුල ලෙස සංචිතව ඇත.
පහත 17.3 රූපයේ දක්වා ඇත්තේ ලිපිඩ බහුලව අඩංගු ආහාර වර්ග කිහිපයකි.
විටමින් හා ඛනිජ ලවණ යනු ආහාරවල ඉතා කුඩා ප්‍රමාණවලින් අන්තර්ගත එහෙත් සිරුරට අත්‍යවශ්‍ය වන පෝෂණ සංඝටක දෙකකි. පොදුවේ ගත්ක ළ විටමින් හා ඛනිජ ලවණ මගින් ශරීරය නිරෝගීව පවත්වා ගැනීමේ හා රෝගවලින් ආරක්ෂා කිරීමේ කාර්යය සිදු කරනු ලැබේ.
විවිධ විටමින් වර්ග හා ඒවා බහුලව අඩංගු ආහාර පහත 17.2 වගුවේ සඳහන් කර ඇත.
විවිධ විටමින් වර්ග බහුල ආහාර පහත 17.4 රූපයේ දැක්වේ.
විවිධ ඛනිජ වර්ග හා ඒවා බහුල ව අඩංගු ආහාර පහත 17.3 වගුවේ දැක්වේ.
විවිධ ඛනිජ ලවණ බහුලව අඩංගු ආහාර 17.5 රූපයේ දැක්වේ.
බොහෝ ආහාර වර්ගවල පෝෂක කිහිපයක් අඩංගු ය. පරිප්පුවල කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් මෙන් ම ඛනිජ ලවණ ද අඩංගු ය. බිත්තරවල ප්‍රේටීන්, ලිපිඩ, විටමින් මෙන් ම ඛනිජ ලවණ ද අඩංගු ය.