ඉරට්ට සංඛ්‍යා

මෙයින් පෙනී යන්නේ 2, 4, 6 සහ 8 වැනි ප්‍රමාණ සමාන ගොඩවල් දෙකකට බෙදිය හැකි බව යි. එනම් මෙවැනි සංඛ්‍යා හරියටම 2න් බෙදෙන බවයි.
මෙලෙස 2, 4, 6 සහ 8 වැනි 2න් බෙදූ විට ඉතිරි නොවන සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා වේ. 0 ද ඉරට්ට සංඛ්‍යාවකි.
පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් ඉතිරි නැතිව බෙදේ නම්, එම සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවකි.
මේ අනුව, බින්දුවෙන් පටන් ගන්නා ඉරට්ට සංඛ්‍යා 0, 2, 4, 6, 8, 10, 12, ….. ලෙස පිළිවෙළින් ලියා දැක්විය හැකි ය.

යම් පූර්ණ සංඛ්‍යාවක එකස්ථානයේ ඇත්තේ 0, 2, 4, 6 සහ 8 යන ඉලක්කම්වලින් එකක් නම්, එම සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවක් වේ.