මිනිස් ඇසෙහි ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

මිනිස් ඇසෙහි හරස්කඩක නම් කළ රූපසටහනක් 2.2 රූපයෙහි දැක්වේ.

ඇස පිහිටා ඇත්තේ කපාලයේ (හිස් කබලේ) අක්ෂි කූප නම් කුහර තුළ ය (2.3 රූපය). ඇස පේශි හයකින් අක්ෂි කූපයට සම්බන්ධ වී ඇත (2.4 රූපය).

මිනිස් ඇසෙහි හඳුනාගත හැකි ප්‍රධාන කොටස් කිහිපයක් හා ඒවා පිළිබඳ තොරතුරු 2.1 වගුවේ දැක්වේ.