ද්විපාර්ශ්වික සමමිතිය හැඳින්වීම

චතුරස්‍රාකාර හැඩය සහිත නිල් පාට කාඩ්පතක රූපයක් මෙහි දක්වා ඇත. එය රූපයේ දැක්වෙන කඩ ඉර ඔස්සේ දෙකට නැමීමෙන් එකිනෙක සම්පාත වේ. එනම්, එක මත එක වැටෙන කොටස් දෙකක් ලැබේ.

ඉහත ලක්ෂණය සහිත තවත් රූප කිහිපයක් පහත දැක්වේ.

පරිසරයේ දක්නට ලැබෙන මෙවැනි ඇතැම් දෑ එක සමාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ලක්ෂණයෙන් යුක්ත වේ. ඇතැම් නිර්මාණ මෙම ලක්ෂණයෙන් යුක්ත වීම ඒවායේ අලංකාරයට හේතු වේ. මෙම ලක්ෂණය සහිත තල රූප පිළිබඳ ව තව දුරටත් විමසා බලමු.

ඉහත 1 රූපයෙහි සම්පාත වන ලෙස කොටස් දෙකකට බෙදනු ලබන රේඛා එකක් පමණක් ඇත. 2, 3 සහ 4 රූපවල එක් එක් රූපය සම්පාත වන ලෙස කොටස් දෙකක් ලැබෙන රේඛා එකකට වැඩි සංඛ්‍යාවක් ඇත.