කාලය අනුව යම් වස්තුවක විස්ථාපනය විචලනය වන අයුරු නිරූපණය කරන ප්‍රස්තාර විස්ථාපන-කාල ප්‍රස්තාර (displacement-time graphs) නම් වේ.
විස්ථාපනය y අක්ෂයේත් කාලය x අක්ෂයේත් සලකුණු කර මෙම ප්‍රස්තාර අඳිනු ලැබේ.
පහත දැක්වෙන වගුවේ කාලයත් සමග වස්තුවක විස්ථාපනය වෙනස් වීම දක්වා ඇත.
එම දත්ත සඳහා ප්‍රස්තාරය පහත දී ඇත.
මෙම ප්‍රවේගය ඒකාකාර නිසා මෙහිදී අපට ලැබෙන්නේ සරල රේඛීය ප්‍රස්තාරයකි. ඉහත සරල රේඛාවේ අනුක්‍රමණය සොයා ගැනීමෙන් ප්‍රවේගය සොයා ගත හැකි ය.
සරල රේඛීය ප්‍රස්තාරයක අනුක්‍රමණය ගණනය කරන්නේ එම රේඛාව මත පිහිටි ඕනෑම ලක්ෂ්‍ය දෙකක y ඛණ්ඩාංක අතර වෙනස එම ලක්ෂ්‍ය දෙකෙහි x ඛණ්ඩාංක අතර වෙනසෙන් බෙදීමෙනි.
x අක්ෂයෙන් නිරූපණය කරන්නේ කාලය නිසා x ඛණ්ඩාංක දෙක අතර අන්තරය යනු කාල අන්තරයකි. අදාළ y ඛණ්ඩාංක දෙක අතර අන්තරය යනු එම කාල අන්තරය තුළ සිදු වූ විස්ථාපනය යි. විස්ථාපනය කාලයෙන් බෙදූ විට ලැබෙන්නේ ප්‍රවේගය යි.
මේ අනුව ඉහත ප්‍රස්තාරයේ සරල රේඛාව මත එකිනෙකට තරමක් ඈතින් පිහිටි A හා B ලක්ෂ්‍ය දෙකක් තෝරාගෙන පහත පෙන්වා ඇති ආකාරයට එම රේඛාවේ අනුක්‍රමණය ගණනය කර එමගින් ප්‍රවේගය සොයා ගත හැකි ය.
එනම් මෙම ප්‍රස්තාරයෙන් නිරූපණය වන චලිතයේ ප්‍රවේගය 3ms-1 වේ.
සරල රේඛාවක අනුක්‍රමණය සෑම ස්ථානයකම එකම හෙයින් මෙම චලිතයේ ප්‍රවේගය ඒකාකාර බව ගණනය කිරීමකින් තොරව කිව හැකි ය.