මිනිස් සිරුර පුරා ද්‍රව්‍ය පරිවහනය සිදු කරන පද්ධතිය රුධිර සංසරණ පද්ධතියයි. සංවෘත පද්ධතියක් වන රුධිර සංසරණ පද්ධතියේ රුධිර නාළ තුළට රුධිරය පොම්ප කරනු ලබන්නේ හෘදය මගිනි.
මිනිස් හෘදයෙහි ව්‍යුහය
මිනිස් හෘදයේ සිරස්කඩක් රූපයේ දැක්වේ.
🫀 මිනිස් හෘදයේ කුටීර හතරකි. ඉහළින් පිහිටි කුටීර කර්ණිකා ලෙස හඳුන්වන අතර පහළින් පිහිටි කුටීර කෝෂිකා ලෙස හඳුන්වයි. එම කුටීර පහත දැක්වෙන පරිදි වේ.
- වම් කර්ණිකාව
- දකුණු කර්ණිකාව
- වම් කෝෂිකාව
- දකුණු කෝෂිකාව
🫀 කර්ණිකා හා කෝෂිකා අතර කපාට දෙකක් ඇත.
- වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර පිහිටන කපාටය ද්වි තුණ්ඩ කපාටයයි.
- දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර පිහිටන කපාටය ත්‍රි තුණ්ඩ කපාටයයි.
🫀 කෝෂිකාවලට සම්බන්ධ මහා ධමනි දෙකකි
- වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වේ.
- දකුණු කෝෂිකාවෙන් පුප්ඵුසීය මහා ධමනිය ආරම්භ වේ.
🫀 මහා ධමනි ආරම්භයේ අඩසඳ කපාට පිහිටයි.
- වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වන ස්ථානයේ සහ දකුණු කෝෂිකාවෙන් පුප්ඵුසීය මහා මනිය ආරම්භ වන ස්ථානයේත් අඩ සඳ කපාට පිහිටයි.
🫀 වම් හා දකුණු කර්ණිකා තුළට ශිරා විවෘත වේ.
- උත්තර මහා ශිරාව හා අධර මහා ශිරාව දකුණු කර්ණිකාවට විවෘත වන අතර වම් හා දකුණු පුප්ඵුසීය ශිරා වම් කර්ණිකාවට විවෘත වේ.