අරහං

බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ හෙයින් ද, ලෝභ, ද්වේෂ, මෝහාදී සියලු කෙලෙස් නැසූ හෙයින් ද, සියලු පුද පූජාවන් ලැබීමට සුදුසු වූ හෙයින් ද අරහං ගුණයෙන් යුක්ත වන සේක. මෙම බුදුගුණය වීදාගම මෛත්‍රේය හිමිපාණන් වහන්සේගේ බුදුගුණාලංකාරය නම් පද්‍ය ග්‍රන්ථයෙහි මෙසේ දැක්වෙයි.