ශ්‍රී ලංකාවේ ස්වාභාවික භෞමික පරිසර පද්ධති ආශ්‍රිතව පුළුල් ජෛව විවිධත්වයක් නිරීක්ෂණය කළ හැකි ය.
ස්වාභාවික භෞමික පරිසර කිහිපයක විවිධත්වය පිළිබඳව තොරතුරු පහත දැක්වේ.
● වර්ෂාපතනය වසර පුරා ම පවතින උෂ්ණ තෙත් දේශගුණයක් ඇත.
● වාර්ෂික වර්ෂාපතනය 2 000 mm ට වඩා ඉහළ ය.
● ඛනිජ ප්‍රතිචක්‍රීකරණය විශාල ලෙස සිදු වේ.
● මුහුදු මට්ටමේ සිට 900 m දක්වා ප්‍රදේශවල පිහිටයි.
● හොර, කීන, මිල්ල, හල්මිල්ල හා නැදුන් වැනි ආර්ථික වටිනාකමින් වැඩි ශාක බහුල ය.
● 40 m පමණ උසින් යුක්ත ඝනව වැඩුණු ශාක පිහිටයි.
● ශාකවල මුදුන් ස්තරීභවනය වී ඇත. ශාක මත අපිශාක හා ආරෝහක ශාක බහුල ය.
නිදසුන් :- සිංහරාජ වනාන්තරය, කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය වන සංකීර්ණය
● ඒකදේශික ශාක හා සත්ත්ව විශේෂ බහුලව වෙසේ.
● රටක ජල සම්පත සුරකින සුවිශේෂ පරිසරයක් ලෙස සැලකිය හැකි ය.
● ජල පෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරයි.
● මුහුදු මට්ටමේ සිට 900 m ට වඩා ඉහළ ප්‍රදේශවල පිහිටයි.
● වාර්ෂික වර්ෂාපතනය 4 000 mm පමණ වේ.
● අධික සුළං සහිත නිසා ශාක කුරු ය. ඇඹරුණු කඳන් සහිත ය. පත්‍ර කුඩා ය. මුදුන් පැතලි වී ඇත.
● වල්සපු, වෙරළු, මිහිරිය, දං හා කීන යන ශාක විශේෂ ද, වඳුරා, උණහපුළුවා, දඩුලේනා, ගෝනා යන සත්ත්ව විශේෂ ද දැකිය හැකි ය.
නිදසුන් :- හග්ගල, නකල්ස් ඉහළ ප්‍රදේශ
● ඒකදේශික ශාක හා සත්ත්ව විශේෂ බහුලව වෙසේ.
● ජල පෝෂක ප්‍රදේශ වන අතර ජල මූලාශ්‍ර බොහොමයක් ආරක්ෂා කරයි.
● පාංශු ඛාදනය අවම කරයි.
● පළු, බුරුත, වීර, කෝන්, කළුවර, වෙළං, කොළොං, කළුමැදිරිය, හල්මිල්ල, කොහොඹ වැනි දැවමය වටිනාකමින් යුත් ශාක බහුල ය.
● මුවන්, වඳුරන්, දිවියන්, වලසුන්, දඬුලේනන් ආදී සතුන් මෙන් ම අලි ඇතුන් ද දැකිය හැකි ය.
● වියළි කලාපයේ ජලාශවල ජල පෝෂක ලෙස ක්‍රියා කරයි.
● වාර්ෂික වර්ෂාපතනය 1 250 mm ට වඩා වැඩි වන අතර උෂ්ණත්වය 34 0C වැඩි වැඩි ය.
● මෙම ප්‍රදේශ අර්ධ ශුෂ්ක කලාප ලෙස සැලකේ.
● පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙන පරිදි පත්‍ර කුඩා වීම, පත්‍ර මාංසල වීම, පත්‍ර සංඛ්‍යාව අඩුවීම, කඳේ ජලය තැන්පත් වීම, කටු සහිත වීම, කිරි සහිත වීම වැනි අනුවර්තන සහිත ය.
● නවහන්දි, පතොක්, දළුක්, කනේරු, අන්දර, එරමිණියා, කෝමාරිකා වැනි ශාක දැකිය හැකි ය.
නිදසුන් :- හම්බන්තොට, පුත්තලම හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල දක්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික කලාපවල දැකිය හැකි තෘණ බිම් පිළිබඳව තොරතුරු පහත දැක්වේ.
● මුහුදු මට්ටමේ සිට 2 000 m පමණ ඉහළින් පිහිටයි. අධික වර්ෂාපතනයක් සහිත ය.
● සාමාන්‍යයෙන් වනාන්තරවලට යාබදව පවතී. තෘණ වර්ග හැරුණු විට තනිව වැඩෙන ගස් වර්ග ද පවතී. මහරත්මල් ඒ අතරින් ප්රමුඛ ශාකය වේ. ඒවා මත උස්නියා නම් ලයිකනය ද වැඩේ. ටෙරීඩියම් නම් පර්ණාංගය ද දැකිය හැකි ය.
නිදසුන් :- හෝර්ටන් තැන්න, බෝපත්තලාව, බගවන්තලාව
● තෙත් පතනවලට වඩා ව්‍යාප්තව පවතී.
● මානා නැමැති තෘණ වර්ගය බහුලව ඇත. මිටියාවත් හා කඳු බෑවුම්වල ඇති කුඩා වනාන්තර හැරුණු විට අනෙක් ප්‍රදේශ තෘණවලින් පමණක් වැසී ඇත.
● බොහෝවිට නියං සමයේ ගින්නට හසුවීමෙන් තණකොළ පිළිස්සේ. මේ නිසා පොළොව නිරාවරණය වී වැසි කාලයේ දී ඛාදනයට ලක් වේ.
නිදසුන් :- ඌව ද්‍රෝණිය, රක්වාන
විවිධ නිර්ණායක අනුව ශ්‍රී ලංකවේ භෞමික පරිසර පද්ධති වර්ගීකරණය කර ඇත. ඒ පිළිබඳ අවබෝධය ලබා ගැනීමට 12.2 පැවරුමෙහි නිරත වන්න.