හයවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් තම ගෙවත්තේ දැකිය හැකි ජීවීන් හා එම ජීවීන් ගන්නා ආහාර පිළිබඳව දින කිහිපයක් තිස්සේ නිරීක්ෂණය කරන ලදී. එසේ නිරීක්ෂණය කර පේර ශාකයක් ආශ්රිත ව ලබාගත් තොරතුරු 10.2 වගුවේ ඇතුළත් වේ.
10.2 වගුවෙහි දක්වා ඇති තොරතුරු අනුව ආහාර සඳහා ශාක හා සතුන් අතර විවිධ සම්බන්ධතා පවතී. එම සම්බන්ධතා ඊතල යොදාගනිමින් මේ ආකාරයට නිරූපණය කළ හැකි ය.
ආහාර ලබා ගැනීම සඳහා සතුන් හා සතුන් අතර ඇති සම්බන්ධතා ද ඒ ආකාරයට ම නිරූපණය කළ හැකි ය.