එදිනෙදා ජිවිතයේ දී ශක්තිය

අපි එදිනෙදා නොයෙකුත් කාර්යවල නිරතවෙමු. අවුරුදු උත්සවයක හා පෙරහැරක දක්නට ලැබුණු විවිධ ක්‍රියාකාරකම් 4.1 රූපයේ දැක්වේ.

අවුරුදු උත්සවයේ දී සිදුකරන ලද ක්‍රියාකාරකම් හා පෙරහැරට සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳ ව අවධානය යොමු කරන්න. ඒ සියලු ක්‍රියාකාරකම්වල දී කිසියම් කාර්යයක් සිදුකර ඇත. එදිනෙදා ජීවිතයේ දී ද අපට විවිධ කාර්ය කිරීමට සිදුවෙයි. තැනිතලා බිමක ඇවිදීම, විල්බැරෝවකින් පස් ගෙනයෑම, ලී කොටයක් ලණුවකින් ඇදගෙන යෑම, වාහනයකට බඩු පැටවීම ආදිය කාර්යය (work) කරන අවස්ථා කීපයකි. ඕනෑම කාර්යයක් සිදුකිරීම සඳහා ශක්තිය අවශ්‍ය වේ.

කාර්ය කිරීමේ හැකියාව ශක්තිය (energy) යනුවෙන් හැඳින්වේ.