චිචෙං චුලංගෙං යමු කිරි නෑනෝ

 ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස සැලකෙන්නේ අතීතයේ සිට අප රටේ විසූ වැදි ජනයා ය.
 ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරුගේ සහ ඒ අවදියේ ලංකාවේ විසූ කුවේණි නැමැති යක්ෂ ගෝත්‍රික කුමාරියගේ දරුවන් ජීවහත්ථ හා දිසාලා යන දෙදෙනාගෙන් වැදි ජනයා පැවත එන බව බොහෝ දෙනාගේ අදහස වෙයි.
 විසි වන සියවස ආරම්භය තෙක් ම මුළුමනින් ම වනගත ජීවිතයක් ගත කළ වැදි ජනයා මේ වන විට අසල් වැසි සිංහල හා දෙමළ ගම්වල ජනයා හා මිශ්‍ර වී ඔවුන්ගේ සමාජ චාරිත්‍ර හා ජීවන රටා අනුගමනයෙන් වෙනස් වීම්වලට ලක් ව ඇත.
 වැදි ජනයා පිළිබඳව ඩී. ජී. සෙලිග්මාන් හා බ්රෙන්ඩා සෙලිග්මාන් යන විදේශීය විද්වතුන් මෙන් ම නන්දදේව විජේසේකර, පී.බී. මීගස්කුඹුර යන දේශීය විද්වතුන් ද පර්යේෂණාත්මක ග්‍රන්ථ ලියා ඇත.
ආර්.එල්. ස්පිට්ල් වෛද්‍යවරයා වැදි ජනයා හා වෙසෙමින් ලත් අත්දැකීම් නිර්මාණාත්මක ප්‍රබන්ධ ස්වරූපයෙන් ලියා තැබී ය.
 මේ පරිච්ඡේදය වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් ලියූ Vanished Trails කෘතියේ සිංහල පරිවර්තනය වන මැකී ගිය දඩමං කෘතියෙන් (පරිවර්තක ඒ.පී. ගුණරත්න) උපුටා ගත්තකි.