ජීවී බව පිළිබඳ ව පොදුවේ පිළිගත හැකි ලක්ෂණ, එනම් ජීවීන්ට පොදු ලාක්ෂණික පහත දැක්වේ.
ඒක සෛලික (Unicellular) ජීවීන්ගේ ව්‍යුහය සැලකූ විට පෙනී යන්නේ එය සෛල ප්ලාස්මය සහ එහි අඩංගු ඉන්ද්‍රියිකා, ප්ලාස්ම පටලයෙන් වට වී ඇති ව්‍යුහයක් ලෙසයි.
එම ඒක සෛලීය අවස්ථාව, ජීවියකු වන අතර ජීවීන්ගේ ලාක්ෂණික එමගින් ප්‍රකාශ කරයි.
පොකුණු ජල සාම්පලයක් හෝ පිදුරු නිස්සාරකයක් අණ්වීක්ෂයෙන් පරික්ෂා කර බැලූ විට ඔබට ඒක සෛලික ජීවීන් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.
ඒක සෛලික ජීවියකු තුළ ඉන්ද්‍රියිකා මට්ටමේ සංවිධානයක් ඇත.
බහු සෛලික ජීවියකුගේ ද ආරම්භය සිදුවන්නේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය වීමෙන් හට ගන්නා තනි සෛලයක් වන යුක්තාණුවක් මගිනි.
උදාහරණයක් ලෙස මිනිසාගේ කලල විකසනය සිදුවන අයුරු දළ සටහනකින් පහත රූපයේ දැක්වේ.
බහුසෛලික ජීවියකුගේ දේහය විවිධ සෛල වර්ගවලින් සමන්විතය.
එම සෛල විවිධ කෘත්‍යයන් සඳහා වැදගත් වේ.
පහත රූප වල ශාක දේහයක විවිධ සෛල වර්ග සංවිධානය වී ඇති ආකාරයත්, මිනිස් සිරුර තුළ විවිධ සෛල වර්ග සංවිධානය වී ඇති ආකාරයත් නිරූපණය කෙරේ.
පරිනාමිකව උසස් බහු සෛලික ජීවීන් තුළ පටක හා පද්ධති මට්ටමේ සංවිධානයක් ඇති අතර එම ජීවීන්ගේ ඉන්ද්‍රියයන් පවා දියුණු මට්ටමකින් අදාළ කාර්යයන් කිරීමට අවශ්‍ය පරිදි නිර්මාණය වී ඇත.
නිදසුන් – දිව, ඇස,හෘදය
සජීවී තත්ත්වයේ පවතින කුඩා ම ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වන අතර නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණය වූ සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ.
පටක කිහිපයක එකතුවෙන් ඉන්ද්‍රියයක් සෑදෙන අතර, ඉන්ද්‍රිය සමූහනය වීමෙන් පද්ධතියක් සෑදෙයි.
පද්ධති එකතුවෙන් ජීවියකු ගොඩනැගෙයි.
පහත රූපයෙන් දැක්වෙන්නේ ජීවියකු තුළ හඳුනාගත හැකි සංවිධාන මට්ටම් රුධිර සංසරණ පද්ධතිය ඇසුරෙන් නිරූපණය කර ඇති ආකාරයයි.
Notifications