ද්‍රව මිනුම් හැඳින්වීම

ඔබ වෙළෙඳසැලෙන් විවිධ ද්‍රව වර්ග මිල දී ගන්නා අවස්ථා ඇත. ඒවා වෙනස් ප්‍රමාණයන්ගෙන් යුතු බෝතල්වල පුරවා ඇත. රූපයේ දැක්වෙන්නේ එබඳු බෝතල් කිහිපයකි. ඒවායේ සටහන් කර ඇති ද්‍රව ප්‍රමාණ නිරීක්ෂණය කරන්න.

එක් එක් බෝතලයේ අඩංගු ද්‍රව ප්‍රමාණය මිලිලීටරවලින් හෝ ලීටරවලින් හෝ සටහන් කර ඇත. ඒවායේ සඳහන් ද්‍රව ප්‍රමාණ මෙසේ ලියමු.
මිලිලීටර හතලිහ සංකේත මගින් 40 ml ලෙස ද
මිලිලීටර තුන්සිය පනහ සංකේත මගින් 350 ml ලෙස ද
ලීටර එක සංකේත මගින් 1 l ලෙස ද දක්වා ඇත.

ලීටර සහ මිලිලීටර, මෙලෙස ද්‍රව ප්‍රමාණ මැනීමට බහුල ව භාවිත කරන ඒකක දෙකක් වේ.

වෙළෙඳපොළෙහි ඇති දියර කිරි, බෙහෙත් දියර ආදිය මිලිලීටරවලින් බොහෝ විට මනිනු ලැබේ. වාහනවල යොදන ඉන්ධන ප්‍රමාණ ආදිය ලීටරවලින් මනිනු ලැබේ.