බුදු සිරිත අනුව යමු අභියෝග ජය ගනිමු

අප සියලු දෙනාගේ ම ජීවිත අභියෝගවලින් පිරී ඇත. මෙලොව උපන් මිනිසාට උපතේ සිට මරණය දක්වා ම විවිධාකාර අභියෝග රැසකට මුහුණ දීමට සිදු වේ. සියලු දෙනාට ම අභියෝග පොදු වුව ද මිනිසුන් ඒවාට මුහුණ දෙන ආකාරය විවිධ ය. සාර්ථක ලෙස අභියෝග ජය ගත් මිනිසුන් මානව ඉතිහාසයේ ඉතා විරල වන අතර ඔවුන් ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෙස ඉතිහාසගත වී ඇත.

අභියෝගවලට සාර්ථක ව මුහුණ දුන් පරමාදර්ශී චරිතය වන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ය. පන්සාළිස් වසක් වූ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අභියෝගවලින් ගහණ වූවකි. උන් වහන්සේ තරම් අභියෝගවලට මුහුණ දුන් වෙනත්පු ද්ගලයකු නොමැති තරම් ය.බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දී
මුහුණ දුන් අභියෝග පිළිබඳ ව හදාරා ඒ ඇසුරින් ශිෂ්‍ය ජීවිතයේ අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා අධිෂ්ඨානය වර්ධනය කරගනිමු.
– බුදුරජාණන් වහන්සේගේ පළමු උදාන වාක්‍යය –