මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

සාපේක්ෂ පරමාණුක ස්කන්ධය (Relative atomic mass)

කාබන් ඩයොක්සයිඩ් අණුව, හීලියම් පරමාණුව වැනි ඉතාමත් කුඩා අංශුවල  ස්කන්ධය කිලෝග්රෑම්, ග්රෑම් වැනි ඒකකවලින් ප්‍රකාශ කළ විට ලැබෙනුයේ අතිශය කුඩා අගයකි. පරමාණු හා අයනවල ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා කුඩාතම ස්කන්ධ ඒකකය වන අටෝග්රෑම් (ag) පවා විශාල වැඩි ය.

 1 ag = 10-18 g

නිදසුනක් ලෙස සැලකුව හොත් සැහැල්ලු ම මූලද්‍රව්‍යයවන හයිඩ්රජන් (H) පරමාණුවක ස්කන්ධය 1.674 x 10-24 g කි. එනම් 0.000000000000000000000001674 g වේ. තවත් පරමාණු කිහිපයක ස්කන්ධ පහත දැක්වේ.

ගණනය කිරීම්වල දී මෙවැනි ඉතා කුඩා අගයන් යොදාගැනීම දුෂ්කර කටයුත්තකි. එ බැවින් තෝරාගත් යම් පරමාණුවක ස්කන්ධය ස්කන්ධ ඒකකයක් ලෙස සලකා ඊට සාපේක්ෂ ව අනෙකුත් පරමාණුවල ස්කන්ධය ප්‍රකාශ කරන ලදී. එසේ ප්‍රකාශ කරන ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හැඳින්වේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනුවෙන් අදහස් කරනුයේ මූලද්‍රව්‍ය පරමාණුවක සැබෑ ස්කන්ධය නො වේ. 

අතීතයේ දී පරමාණුක ස්කන්ධ ඒකක ස්කන්ධය ලෙස සැහැල්ලු ම මූලද්‍රව්‍ය පරමාණුව වන හයිඩ්රජන් පරමාණුවක ස්කන්ධය භාවිත කරන ලදි.

පරමාණුක ස්කන්ධ ඒකකය

පරමාණුවල ස්කන්ධය ප්‍රකාශ කරනුයේ යමකට සාපේක්ෂව ද, එය පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හැඳින්වේ.
වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස භාවිත කරනුයේ 126C සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධයෙන් 1/12 කි.

මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය 126C සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධයෙන් 1/12 මෙන් කී වාරයක් වේද යන්න එම මූලද්‍රව්‍යයේ සාපෙක්ෂ පරමාණුක ස්කන්ධය නම් වේ.

නිදසුනක් ලෙස සැලකුව හොත් ඔක්සිජන් (O) පරමාණුවක සැබෑ ස්කන්ධය 2.66 x 10-23 g වේ.
කාබන් පරමාණුවක සැබෑ ස්කන්ධය 1.99 x 10-23 g වේ. මේ අනුව ඔක්සසිජන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පහත ආකාරයට සෙවිය හැකි ය.

ඉහත ගණනය කිරීම්වලට අනුව සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නොමැති බව ඔබට පැහැදිලි වනු ඇත.

මූලද්‍රව්‍ය කිහිපයක සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධ