ශබ්දය හා ඇසීම

ශබ්ද නිපදවීම.

ශබ්ද නිපදවෙන්නේ කෙසේ දැ යි සොයා බැලීමට පහත දැක්වෙන ක්‍රියාකාරකම්වල යෙදෙමු.

බයිසිකල් සීනුව නාද වන අවස්ථාවේ දී යම් දෙදරීමක් සිදු වන බව ඔබට දැනෙනු ඇත.
ශබ්දය නිපදවෙන ආකාරය පිළිබඳ සොයා බැලීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි ද යෙදෙමු.

රබාන වාදනය කරන විට එහි සම් පටලය මත ඇති කුඩා කඩදාසි කැබලි චලනය වන බව ඔබ දකින්නට ඇති. එසේ වන්නේ රබානේ සම් පටලය ද දෙදරීම හෙවත් ඔබ මොබ චලනය වීම නිසාය. මෙසේ හඬ නිපදවෙන සෑම අවස්ථාවක දී ම සිදුවන ඔබ මොබ චලනය කම්පනය (vibrations&) ලෙස හඳුන්වනු ලැබේ. මේ අනුව ශබ්දය හෙවත් ධ්වනිය නිපදවන්නේ යමක් කම්පනය වීමෙන් බව පැහැදිලි වේ.

මේ ආකාරයට ධ්වනිය නිපදවන වස්තු ධ්වනි ප්‍රභව (source of sounds) ලෙස හැඳින්වේ. සතුන්, විවිධ උපකරණ, සංගීත භාණ්ඩ ආදිය ධ්වනි ප්‍රභව සඳහා නිදසුන් වේ.