ආලෝකය

ඡායා සහ උප ඡායා ඇතිවීම

ඡායා හෙවත් සෙවනැලි ඇති වන අවස්ථා කිහිපයක් එම රූපවල දැක් වේ. එදිනෙදා ජීවිතයේ දී සෙවනැලි හෙවත් ඡායා නිරතූරුවම වාගේ දැකිය හැකි වේ. ඡායා හෙවත් සෙවනැලි ඇති වන්නේ කෙසේ ද? ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

මෙහි දී තිරය මත බෝලයේ සෙවනැල්ල හෙවත් ඡායාව හොඳින් නිරීක්ෂණය කළ හැකි වේ.

ඉටි පන්දමෙන් නිකුත් වන ආලෝකය පාරන්ධ වස්තුවක් වන බෝලය තුළින් ගමන් නොකිරීම හේතුවෙන් තිරය මත බෝලයේ ඡායාවක් ඇති වේ. ඡායා පිළිබඳ තවදුරටත් අධ්‍යයනය සඳහා පහත ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

පාරදෘශ්‍ය වීදුරු තහඩුව තැබූ අවස්ථාවේ දී තිරය මත පැහැදිලි ඡායාවක් ද පාරභාසක වීදුරු තහඩුව තැබූ අවස්ථාවේ දී අපැහැදිලි ඡායාවක් ද (බොඳවූ) ලැබේ. කාඩ්බෝඩ් තහඩුව තැබූ අවස්ථාවේ දී තිරය මතට බෝලයෙහි ඡායාව ලබා ගත නොහැකි ය. එයට හේතුව විදුලි පන්දමෙන් නිකුත් වන ආලෝකය පරාන්ධ ද්‍රව්‍යයක් වන කාඩ්බෝඩ් හරහා ගමන් නොකිරීමයි.

වස්තු මත සූර්යාලෝකය වැටෙන ප්‍රමාණය හා දිශාව අනුව සෙවනැලිවල දිග හා දිශාව වෙනස් වේ. ඡායා හෙවත් සෙවනැලිවල දිග අතීතයේ දී කාලය මැනීමට අභිමත ඒකක ලෙස භාවිත කර ඇත.
නිදසුන-:- හිරු තැටිය

ඡායා හෙවත් සෙවනැලි මගින් විවිධ නිර්මාණ කළ හැකි ය. අත් සහ අත්වල ඇඟිලි මගින් කරන ලද නිර්මාණ කිහිපයක් පහත දැක් වේ.

සෙවනැලි භාවිතයෙන් කරනු ලබන විවිධ නිර්මාණාත්මක ප්‍රසංග නූතන කලා ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතී. එවැනි ප්‍රසංග අවස්ථා කිහිපයක් පහත දැක් වේ.