ඉතිහාසය හැඳින්වීම

  • ඉතිහාසය යන වචනයට ඉංග්‍රීසි භාෂාව තුල භාවිතා කරන්නේ හිස්ට්‍රි (History) යන වචනයයි. එය ග්‍රීක භාෂාවේ හිස්ට්‍රියා (Historia) යන වචනයෙන් බිඳී ආ වචනයකි. එහි තේරුම පර්යෙක්ෂණය යන්නයි. මෙම විෂය මුලින්ම ඉගැන්වීම් ආරම්භ කළේ පැරණි ග්‍රීසිය තුලය. ඉතිහාසයේ පියා ලෙස හඳුනා ගත්තේ ග්‍රීක ජාතික හෙරඩෝටස්ය. ඔහු විසින් පර්සියානු යුද්ධය පිළිබඳව කෘතිය ලියන ලදි.
ඉතිහාසයේ පියා ග්‍රීක ජාතික හෙරඩෝටස්.

අමතර දැනුමට

හෙරෝඩෝටස් යනු පර්සියානු අධිරාජ්‍යයේ කොටසක් වූ ග්‍රීක නගරයක් වන හැලිකාර්නාසස්හි පුරාණ ග්‍රීක ඉතිහාසඥයෙක් සහ භූගෝල විද්‍යාඥයෙක් විය. ඔහු ඉතිහාස කතා - ග්‍රීක-පර්සියානු යුද්ධ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලිවීම සඳහා ප්‍රසිද්ධය. ඓතිහාසික සිදුවීම් ක්‍රමානුකූලව විමර්ශනය කළ පළමු ලේඛකයා හෙරොඩෝටස් ය.