ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය

ඔත්තේ සංඛ්‍යා යනු 2න් බෙදූ විට 1ක් ඉතිරි වන සංඛ්‍යා බව ඔබ මීට පෙර ඉගෙන ගෙන ඇත.
1, 3, 5, 7, … යන සංඛ්‍යා රටාව, 1න් පටන් ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙළට පද පිහිටි සංඛ්‍යා රටාව වේ.
ඔත්තේ සංඛ්‍යාවක්, 2න් බෙදූ විට 1ක් ඉතිරි වන නිසා, සෑම 2හි ගුණාකාරයකින් ම 1ක් අඩු කළ විට ඔත්තේ සංඛ්‍යාවක් ලැබිය යුතුය.

ඒ අනුව ඔත්තේ සංඛ්‍යා රටාවෙහි එක් එක් පදයෙහි අගය ලැබී ඇති ආකාරය පහත වගුවෙන් හඳුනා ගනිමු.

ආරෝහණ පිළිවෙළට පද පිහිටි 2හි ගුණාකාර රටාවේ සාධාරණ පදය වන 2n ඇසුරෙන් ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය දැක්විය හැකි ය.

1න් පටන් ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙළට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 2n – 1 වේ.