ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දෙන ප්රශ්න හා ගැටළු පිළිබඳ මොහොතක් සිතන්න. එවා විසඳාගනිමින් ජීවිතය ජය ගැනීමට ඇති අභියෝග මොනවාද? එම අභියෝග ගැන සිතන විට ඔබේ සිතට දැනෙන ආවේග මොනවාද? තරහ, වෛරය, කම්මැලි අලස බව, ජීවිතය පිළිබඳ කලකිරීම, සියල්ල එපා වීම හෝ කායිකව දැනෙන හිසරදයක් පවා ඔබට දැනිය හැක.
දැන් කොළයක් ගෙන ඔබට ඇති ප්රශ්න, ගැටළු හා අභියෝග ද ඉන් ඉදිරියේ හෝ ඊට පසුව එම ප්රශ්නය හෝ අභියෝගය හමුවේ ඔබට දැනෙන ආවේගයද ලියන්න.
මෙම සටහන පාඩම අවසන් වන තුරු තබා ගන්න. පාඩම අවසානයේ අපට කුමන ආකාරයේ විසඳුම් මේ සඳහා ලැබී ඇතිදැයි පරීක්ෂාකල හැක.