ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඳගත්කම

තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති, තනිව ගත් කල පියෙවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්, ක්ෂුද්‍ර ජීවීන් ලෙස හැඳින්වේ.
මෙම ජීවීන් අණ්වීක්ෂ භාවිතයෙන් නිරීක්ෂණය කළ හැකි වේ.

 ක්ෂුද්‍ර ජීවීහු සෑම පරිසරයක ම ජීවත් වෙති.
 වායුගෝලය, ජලය, පස, ජීවී දේහ මත හා ජීවී දේහ තුළ මෙන් ම ජීවීන්ට ජීවත් වීමට අපහසු පරිසර වන හිම කඳු, කාන්තාර, සාගර පතුල, උණු දිය උල්පත් හා ලවණ වගුරු ආදියේ ද ඔවුන්ට ජීවත් විය හැකි ය.
 ක්ෂුද්‍ර ජීවීහු පුළුල් විවිධත්වයකින් යුක්ත වෙති. එනම්, ඔවුහු රූපීයව මෙන් ම පෝෂණ ක්‍රම අනුව ද විවිධ වෙති.
      නිදසුන් –
             බැක්ටීරියා, ඇතැම් ඇල්ගී, ඇතැම් දිලීර විශේෂ, ඇමීබා හා පැරමීසියම් වැනි ප්‍රොටොසෝවාවන්.

 මුල් වරට ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලද්දේ වර්ෂ 1674 දී ඇන්ටන් වෑන් ලීවන්හුක් (Antonie van Leeuwenhoek) නැමැති නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයා විසිනි.
 ඒ සරල අණ්වීක්ෂයේ සොයා ගැනීමත් සමගයි.
 අණ්වීක්ෂ තාක්ෂණයේ දියුණුවත් සමග ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ගවේෂණයට ඉඩ සැලසිණි.