කාර්මික විප්ලවය

කාර්මික විප්ලවය ලෙස හඳුන්වන්නේ අතින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. කාර්මික විප්ලවය 18 වන සියවස අග භාගයේ දී එංගලන්තයේ ඇතිවිය. කාර්මික විප්ලවය ඇති වීමට මූලික හේතුව වෙළෙඳාම දියුණු වීමයි. ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය වැනි රටවල් ද වෙළෙඳාමෙන් දියුණු වී සිටියද කාර්මික විප්ලවය ඇති වන්නේ එංගලන්තය තුලය.