වෙනත් රටවල් කරා ව්‍යාප්තිය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වූ කාර්මික විප්ලවය ඉතා කෙටිකලකින් යුරෝපා මහද්වීපයේ රටවලට ව්‍යාප්ත විය.
අනතුරුව ආසියා, ඇමෙරිකා, අප්‍රිකා මහද්වීපවලටත් එය පැතිරිණ.
19 වන සියවසේ දී වෙනත් රටවලට කාර්මීකරණය ව්‍යාප්තවීමට බලපෑ හේතු කිහිපයකි.
ලොව පුරා ජනගහනය සීඝ්‍රයෙන් වර්ධය වීම නිසා භාණ්ඩවලට තිබූ ඉල්ලුම ඉහළ යාම.
යුරෝපය තුළ ගමනාගමනය හා ප්‍රවාහන කටයුතුවල වර්ධනය.
ප්‍රංශය හා ජර්මනිය ගල් අඟුරු සොයා ගැනීම.
මේ අනුව ලෝකයේ සෙසු රටවල් ද එංගලන්තය මෙන් යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් තම නිෂ්පාදන වේගවත් කිරීමට උනන්දු විය.
ජර්මනිය හා ප්‍රංශය යන රටවල අමුද්‍රව්‍ය බහුලව පැවැති වෙළෙඳපොළවලට සමීප වූ ප්‍රදේශවල කාර්මික මධ්‍යස්ථාන බිහි විය.
කාර්මික අතින් විශේෂ දියුණුවක් අත්කරගත් ජර්මනිය පළමු ලෝක යුද්ධය ආරම්භක අවධියේ දී බලවතෙකුගේ තත්ත්වයට පත්ව සිටියේය.
ඉන් පසුව ප්‍රංශය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, හංගේරියාව, ප්‍රෂියාව ආදී යුරෝපයේ සෙසු රටවලටත් කාර්මික විප්ලවය පැතිරිණි.
ඔස්ට්‍රියානු අධිරාජ්‍ය සැතපුම් 30000ක දුර මාර්ග ඉදි කළ අතර ඒ කාලය තුළ බෙල්ජියමේ මාර්ග පද්ධතිය ද දෙගුණයකින් පුළුල් කෙරිණි.
අනතුරුව සෑම රටකම දුම්රිය මාර්ග ඉදිවීම දක්නට ලැබුණි.
බි්‍රතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවැති ඇමරිකන් ජනපදවලට ද කාර්මික විප්ලවයේ බලපෑම ඇතිවිය.
නිදහස දිනා ගැනීමෙන් පසුව එරට කාර්මික ක්ෂේත්‍රයේ සීඝ්‍ර දියුණුවක් සැලසුණි.
19 වන සියවස අගභාගය හා 20 වන සියවස මුල් දශක කීපය තුළ කාර්මික ක්ෂේත්‍රයේ අතිවිශාල ප්‍රගතියක් උදාකරගත් ආසියාතික රටක් වූයේ ජපානයයි.
බටහිර ක්‍රම හා ආකෘති අනුගමනය කරමින් විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රවල ඉමහත් ප්‍රගතියක් අත්කරගත් රටවල් සමග තරඟකාරී ව සිටින රටක් බවට ජපානය පත්ව තිබේ.
විසිවන සියවස වන විට චීනය, ඉන්දියාව, ලංකාව ඇතුළු ආසියාවේ බොහෝ රටවලට ද කාර්මික විප්ලවයේ බලපෑම තදින් පැතිරිණි.
මෙසේ කාර්මික විප්ලවය ලොව සෙසු රටවල් කරා ව්‍යාප්ත වීමත් ප්‍රවාහන හා පණිවිඩ හුවමාරු ක්ෂේත්‍රයේ එමඟින් ඇති වූ සීඝ්‍ර දියුණුවත් නිසා ලෝකය එකම ගම්මානයක් බවට පත්වීමට මග සැලසුණි.
කාර්මික විප්ලවයේ ප්‍රතිඵල.
ලොව පුරා ඇති වූ කාර්මික විප්ලවය නිසා, එම රටවල දේශපාලන, සමාජ හා ආර්ථික ක්ෂේත්‍රයේ පුළුල් වෙනස්කම් ඇති විය.
මෙම ප්‍රතිඵල යහපත් මෙන් ම අයහපත් ලක්ෂණවලින් ද සමන්විත විය.