කෝණය හඳුනා ගැනීම

රූපයේ දැක්වෙන්නේ හරි කෙළින් ඇඳි රේඛාවකින් කොටසකි. එය AB සරල රේඛා ඛණ්ඩයක් ලෙස හඳුන්වනු ලැබේ.

කෝණ කිහිපයක් පහත රූප සටහන්වල දක්වා ඇත.

අප අවට ඇති බොහෝ දෑ නිරීක්ෂණයේ දී මෙවැනි කෝණ දැක ගත හැකි වේ. පහත දැක්වෙන්නේ ඒවාට උදාහරණ කිහිපයකි.

වහලයක් නිර්මාණය කිරීමේ දී හා ගෘහ භාණ්ඩ නිර්මාණය කිරීමේ දී වැනි බොහෝ ප්‍රායෝගික අවස්ථාවල කෝණ ආශ්‍රිත දැනුම භාවිත වේ.

මෙම එක් එක් අවස්ථාව් දී, දෙවැනි කොටස කැරකැවුණු ප්‍රමාණය එම කෝණයේ විශාලත්වය වේ.

කෝණවල විශාලත්වය වැඩි වන පිළිවෙළට, ඉහත රූප සටහන් පෙළ ගස්වා ඇත.