ඝන වස්තුවල පෘෂ්ඨ, මුහුණත්, දාර සහ ශීර්ෂ

එදිනෙදා කටයුතුවල දී, අපට දකින්නට පරිහරණය කරන්නට ලැබෙන දෑ කිහිපයක රූප පහත දැක්වේ.

මෙවැනි ආකාරයේ අවකාශයේ යම් ඉඩක් ගන්නා නියත හැඩයක් ඇති වස්තුවක් ඝන වස්තුවක් ලෙස හැඳින්වේ.
දැන් අපි ඝන වස්තු කිහිපයක පෘෂ්ඨ, මුහුණත්, දාර සහ ශීර්ෂ පිළිබඳ ව විමසා බලමු.
සෑම ඝන වස්තුවකට ම මතුපිටක් ඇත. එය එම ඝන වස්තුවේ පෘෂ්ඨය ලෙස හඳුන්වනු ලැබේ.

● ඝන වස්තුවල මුහුණත්

ඉහත ක්‍රියාකාරකම අනුව, ඝන වස්තුවල මතුපිට, තල පෘෂ්ඨ කොටස්වලින් හෝ වක්‍ර පෘෂ්ඨ කොටස්වලින් හෝ සමන්විත වන බව ඔබ හඳුනා ගන්නට ඇත.

● ඝන වස්තුවල දාර

ඝන වස්තුවල පෘෂ්ඨ කොටස් දෙකක් හමු වන මායිමට ඝන වස්තුවේ දාරයක් යැයි කියනු ලැබේ.

● ඝන වස්තුවල ශීර්ෂ

ගඩොළ, දාදු කැටය වැනි ඝන වස්තු සලකමු. මෙවැනි හැඩැති ඝන වස්තුවක දාර තුනක් හෝ ඊට වැඩි ගණනක් හෝ හමු වන තැනට ශීර්ෂයක් යැයි කියනු ලැබේ.