සාගර ජලය ලුණු රස වූයේ ඇයි? එහි විවිධ ලවණ වර්ග දියවීම ඊට හේතුවයි. සියලුම ජීවීන්ට ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වේ. මත්ස්‍යයින් එම අවශ්‍යතාව සපුරා ගන්නේ ජලයේ දියවී ඇති ඔක්සිජන්වලිනි. මෙම සංසිද්ධි හා සම්බන්ධ වන ජලය සතු සුවිශේෂි ගුණංගයක් ඇත. එම ගුණාංගය ජලයේ ද්‍රාවක ගුණය ලෙස හඳුන්වයි.
ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වැනි වායු ජලයේ දිය වේ. මත්ස්‍යයින් ජලයේ දියවුණු ඔක්සිජන් ශ්වසනය සඳහා භාවිත කරයි.
බොහෝ ද්‍රව්‍ය ජලයේ දියවන බැවින් ජලය ඉතා හොඳ ද්‍රාවකයකි. ජලය ද්‍රාවකයක් වීම නිසා අපිට විවිධ දෑ දියකර ගත හැකි ය. එසේ ම ජලයේ දිය වී ඇති දෑ ජලයෙන් වෙන් කරගත හැකි ය. එමගින් එදිනෙදා ජීවිතයේ දී මෙන් ම කර්මාන්තවල දී ද අපට බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකි ය.
එදිනෙදා ජීවිතයේ දී ජලයේ ද්‍රාවක ගුණය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා කිහිපයක් විමසා බලමු.
ඇළ, දොළ ගංගා ආදිය ගොඩබිම සිට මුහුදට ගලා යන විට පොළොවෙහි ඇති විවිධ ලවණ වර්ග ජලයේ දිය වේ. ඉතා දිගු කාලයක් තිස්සේ මෙසේ එකතු වූ ලවණ නිසා මුහුදු ජලය ලුණු රස වී ඇත. මුහුදු ජලයේ වැඩිපුරම දිය වී ඇති ලවණය වන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ය. ලුණු ලේවායක දී සූර්ය තාපයෙන් මුහුදු ජලය වාෂ්ප කිරීමෙන් ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් වෙන් කර ගැනීම සිදු කරයි.
උක් ශාකයේ යුෂයෙහි ඇත්තේ ජලයේ දිය වූ සුක්රෝස් නම් සීනි වර්ගයයි. උක් යුෂයෙහි ඇති ජලය ඉවත් කිරීමෙන් සීනි නිපදවා ගනු ලබයි.
පොල් ශාකයේ මලෙන් සීනි ද්‍රාවණයක් ලබා ගත හැකි ය. එම දියරය මී රා ලෙසින් හඳුන්වනු ලබයි. මීරාවල ඇති ජලය කොටසක් වාෂ්ප කිරීමෙන් පැණි ද ජලය සම්පූර්ණයෙන් ම වාෂ්ප කිරීමෙන් හකුරු ද නිපදවනු ලබයි. තල් හා කිතුල් ශාකවලින් ද මෙසේ පැණි සහ හකුරු ලබා ගත හැකි ය. පොල් ශාකයේ මලෙන් සීනි ද්‍රාවණයක් ලබා ගත හැකි ය. එම දියරය මී රා ලෙසින් හඳුන්වනු ලබයි. මීරාවල ඇති ජලය කොටසක් වාෂ්ප කිරීමෙන් පැණි ද ජලය සම්පූර්ණයෙන් ම වාෂ්ප කිරීමෙන් හකුරු ද නිපදවනු ලබයි. තල් හා කිතුල් ශාකවලින් ද මෙසේ පැණි සහ හකුරු ලබා ගත හැකි ය.