ජීවීන්ගේ ජීවන චක්‍ර

අප අවට සජීවී ලෝකය දෙස විමසිලිවත්ව බැලූ විට බිත්තරයකින් / බීජයකින් හෝ කුඩා ජීවියෙකු ලෙස ජීවීන් බිහිවෙන බවත් ඉන්පසු විවිධ වූ වර්ධන අවධි ගත කරන බවත් නිරීක්ෂණය කළ හැකි ය. පරිණත අවධියට පත් වූ පසු ජීවීයා ප්‍රජනන ක්‍රියාවලිය මගින් තම වර්ගයා බෝ කරයි. මෙය චක්‍රානුකූලව සිදු වේ. එමගින් ජීවීහු පරිසරය තුළ තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කරති.

ජීවියකු උපතේ සිට තම ජීවිත කාලය තුළ පසුකරන විවිධ අවධි හෝ අවස්ථා අනුපිළිවෙළ එම ජීවියාගේ ජීවන චක්‍රය ලෙස හැඳින්විය හැකිය.

ජීවීන්ගේ ජීවන චක්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා 12.1 ක්‍රියාකාරකමෙහි නිරත වෙමු.

ඔබ සැකසූ ජීවන චක්‍ර 12.2 රූපයේ දක්වා ඇති ජීවන චක්‍ර සමඟ සසඳා බලන්න.

මෙම ක්‍රියාකාරකම සම්පූර්ණ කළ ඔබට ශාක හෝ සතුන් හෝ යන ඕනෑම ජීවියකුගේ වර්ධන අවධි පිළිවෙළකට සැකසීමෙන් ඔවුන්ගේ ජීවන චක්‍ර ගොඩ නැගිය හැකි බව අවබෝධ වන්නට ඇත.