ඝන ද්‍රව්‍යය නිසා පෘෂ්ඨ මත හටගන්නා පීඩනය (Pressure) පිළිබඳ ච ඔබ මීට පෙර ඉගෙනගෙන ඇති කරුණු නැවත සිහිපත් කර ගනිමු.
පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලයයි.
පීඩනයට විශාලත්වයක් පමණක් ඇති නිසා පීඩනය අදිශ රාශියකි.
නිදසුන 1
බර 400 N වන සනකාකාර පෙට්ටියක් මේසයක් මත තබා තිබේ. පෙට්ටියේ පතුලේ වර්ගඵලය 0.2 m-2 නම් මේසයේ පෙට්ටියට යටින් ඇති පෘෂ්ඨය මත යෙදෙන පීඩනය සොයන්න.
නිදසුන 2
පොළොවේ වර්ගමීටර 8ක් වූ ප්‍රදේශයක් පුරා එකතු වී ඇති පස් ගොඩක් නිසා පොළොව මත ඇති වූ පීඩනය 150 Pa වේ. පස් ගොඩ නිසා පොළොව මත ක්‍රියා කරන ලද බලය කොපමණ ද?