ධන සංඛ්‍යාවක වර්ගමූලය

සංඛ්‍යාවක වර්ගය පිළිබඳවත්, වර්ගමූලය පිළිබඳවත් ඔබ මීට පෙර යම්තාක් දුරකට ඉගෙන ගෙන ඇත. ඒ පිළිබඳව සැකෙවින් මතක් කර ගනිමු.
3×3 හි අගය 9 වේ. 3×3 යන්න කෙටියෙන් 32 ලෙස ලියා දැක්වේ. එය “තුනේ වර්ගය”ලෙස කියවනු ලැබේ. මෙහි “2”න් දැක්වෙන්නේ 3 “දෙවරක්” 3න් ම ගුණ වන වගයි. මේ අනුව, තුනේ වර්ගය 9 වන අතර ඒ බව 32 = 9 ලෙස ලියා දැක්විය හැකි ය.

පහත දැක්වෙන වගුවෙහි සංඛ්‍යා කිහිපයක වර්ග දැක්වේ.

1, 4, 9, 16 ආදී සංඛ්‍යා පූර්ණ වර්ග ලෙස හැඳින්වේ.
වර්ගමූලය මගින් වර්ගයෙහි ප්‍රතිවිරුද්ධ අදහස දැක්වෙයි. නිදසුනක් ලෙස 32 = 9 නිසා 9 හි වර්ගමූලය 3 යැයි කියනු ලැබේ. ඉහත වගුවේ දක්වා ඇති මුල් හා අවසාන තීරු අනුව,

1 හි වර්ගමූලය 1 බවත්
4 හි වර්ගමූලය 2 බවත්
9 හි වර්ගමූලය 3 බවත්
16 හි වර්ගමූලය 4 බවත්
25 හි වර්ගමූලය 5 බවත්

වැටහේ. වර්ගමූලය දැක්වීමට √ ලකුණ යොදා ගැනේ. ඒ අනුව,
√1=1, √4=2, √9=3, √16=4, √25=5 ආදී වශයෙන් ලියා දැක්විය හැකි ය.