පරිමිතිය

ඍජුකෝණාස්‍රාකාර ඉඩමක වටේ දිග සෙවීමට අවශ්‍ය වී ඇතැයි සිතමු. ඒ සඳහා ඔබට ඉඩමේ පැති හතරෙහි ම දිග ප්‍රමාණවල එකතුව ලබා ගැනීමට සිදු වනු ඇත.
එසේ ලබා ගන්නා මිනුම ඉඩමේ පරිමිතිය ලෙස හඳුන්වනු ලැබේ.

සංවෘත සරල රේඛීය තල රූපයක පැති සියල්ලේ දිග ප්‍රමාණවල එකතුව, එහි පරිමිතිය ලෙස හැඳින්වෙන බව ඔබ මීට පෙර ඉගෙන ගෙන ඇත.

තල රූප කිහිපයක පරිමිතිය සෙවීම සඳහා 6 හා 7 ශ්‍රේණිවල දී ඉගෙන ගත් සූත්‍ර කිහිපයක් නැවත මතකයට නගා ගනිමු.

● පාදයක දිග ඒකක l වූ සමචතුරස්‍රයක පරිමිතිය ඒකක p නම්,

● දිග ඒකක x ද පළල ඒකක y ද වූ ඍජුකෝණාස්‍රයක පරිමිතිය ඒකක p නම්,

● පාදයක දිග ඒකක a වූ සමපාද ත්‍රිකෝණයක පරිමිතිය ඒකක p නම්,

● එක් එක් පාදයක දිග ඒකක a,b සහ c වූ ත්‍රිකෝණයක පරිමිතිය ඒකක p නම්,